Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං තාම හති වැටුනේ නෑ..-විපක්ශ නායක

රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවක්  අද දුක් ගින්නේන් පෙලෙන්නේ, අද බඩගින්නේන් පෙලෙන්නේ, පිපාසයෙන් පෙලෙන්නේ,එන්න එන්නම නැතිබැරිකම වර්දනය වෙනවා....

රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවක්  අද දුක් ගින්නේන් පෙලෙන්නේ, අද බඩගින්නේන් පෙලෙන්නේ, පිපාසයෙන් පෙලෙන්නේ,එන්න එන්නම නැතිබැරිකම වර්දනය වෙනවා. එන්න එන්නම දුප්පත් ප්‍රතිශතය වර්ධනය වෙනවා. මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැහැ. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය මේ අලුගෝසු ආණ්ඩුව උදුරාගෙන තියෙනවා. මේ රටට අවශ්‍ය මනුෂ්ෂ්‍යත්වය රජකරන ආණ්ඩුවක් මනුස්සමට මුල්තැන දෙන ආණ්ඩුවක්. මනුස්ස ජීවිත සුරකින ආණ්ඩුවක්. මිනිස් සම්පත සුරකින ආණ්ඩුවක්. ඒ ආණුඩුව වෙන මොකක්වත් නොවෙයි මිනී නොමරන ජනතාව ජීවත් කරවන ජනතාව ශක්තිමත්කරවන මවු පරපුර දරු පරපුර තරුණ පරපුර රටවැසි පරපුර පුරවැසි පරපුර ආරක්ෂා කරන  සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් කියන එක මම කියනවා’ යයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කීය.

විපක්ෂනායක වරයා මෙම අදහස් පල කර සිටියේ 23 දා මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක නගරයේ පැවැති විරෝධතාවයකට එක්වෙමිනි. බඩු මිල ඉහල යෑම ඇතුලු ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙම විරෝධතාවය සමගි ජනබල වේගය විසින් සංවිධානය කර තිබිණි. මෙම ස්ථානයට පැමිනි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා විරෝධතා කරුවන් සමග ඌරුබොක්ක නගරයේ විරෝධතා පා ගමනින් බස් නැවතුම්පල අසලට පැමිණ ජන රැලියකට එක් විය. මෙම අවස්ථාව සදහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රෟ බුද්දික පතිරණ මහතා සහ තවත් බොහෝ පිරිසක් සහභාගී වී සිටිනු දක්නට විය.

එම ජන රැලිය ඇමතූ විපක්ෂ නායක සජිත් පේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ,

මිත්‍රවරුණි තාම හති වැටුනේ නැහැ. පේමදාසට ලේසියෙන් හති වැටෙන්නෙත් නැහැ. අද ජන සමාජයම මහා විනාශයකට පත්වෙලා. අද එක එක ටෙලිඩ්‍රාමා රගපානවා කැබිනට්එකේ ඇමතිවරු. දැන් ලොකුවට පෙන්නන්න හදනවා විදුලිබල ඇමති තෙල් ඇමති ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරනව කියල. නැහැ මිත්‍රවරුනි එදාවේල ටුවර්ස් ආන්ඩුවක් මේ තියෙන්නේ. බෙරු රගපෑම් පෙන්නනවා. ඔබලාට මතක ඇති එදා නාග රාජයා පෙන්නලා ජනතාව රවට්ටපු ආකාරය. එදා ගංගා වලට මුට්ටි දමල ජනතාව රවට්ටපු ආකාරය. මතකද ජනතාවට වැක්සීන් එක නෙවෙයි ජනතාවට කිව්වේ පැනිය හොදයි කියල. පැනියෙන් වරදින කොට පැනියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරදිනකොට පැනිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට වරදිනකොට තරු පෙනිල අපේ ඉල්ලීමට වැක්සීන් එක අපේ රටට ගෙන්වූයේ. එතකන් හිටයේ පැනිය මත එතකම් තීන්දු ගත්තේ පැනිය ප්‍රවර්ධනය කරන්න. නිකමට හිතන්න පැනිය ප්‍රවර්ධනය කලානම් වර්ධනය කලානම් අද මරණ කීයක්ද කියන එක හිතල බලන්න.

මේ රට් අනාගතය භාරගන්න නම් දුර දක්නා නුවනින් යුතු රජයක් බිහිකල යුතුයි. ජනතා වාදී දර්ශණයක් ජනතා වාදී වැඩපිළිවෙලක්  ජනතාව ආරක්ෂා කරන ජනතාව ශක්තිමත් කරන ජනතාව සංවර්ධනය කරන රට ප්‍රගතියක් කරා ගෙන යන  අනාගත දැක්මක් ඇති රජයක් තමයි අවශ්‍ය වෙන්නේ.

කොරෝනා ගැන පලමුවෙන්ම පාර්ලිමේන්තුවේ කතා කරල මේ අවදානම් තත්වය ගැන පෙන්නල දුන්නේ අපි. කවුද මුව ආවරණ ටික අවශ්‍යයි කියල කියල දුන්නේ. එහෙම කියනකොට සෞඛ්‍ය ඇමතිවරිය මට හිනා වුනා.

මට කිව්වා විහිලු කරන්න එපා කියල. මට කිව්වා මුහුණු ආවරණ වලින් වැඩක් නැහැ කියල. දැන් කියනව හැමෝටම මුහුණු ආවරණ පලදින්න කියල.

අපි එදා කිව්වා රටට විදේශිකයන් ඇතුල්වෙනකොට හොදින් පරික්ෂා කරල ගන්න කියල. දූපතක් හැටියට අපිට තිබුනා මේමරණ මට්ටම ඉතාමත් අඩු මට්ටමක රදවා ගන්න. මේ මරණ වලට මේ ආණ්ඩුව වග කියන්න ඕන.

මහ ලොකුවට ජීව විද්‍යාව ගැන, ජීව තාක්ෂනය ගැන, කෘතීම බුද්ධිය ගැන, තොරතුරු තාක්ෂණය ගැන, පරිඝණක තාක්ෂණය ගැන  මහ ලොකුවට කතා කල මේ ආණ්ඩුවට ඔන් ලයින් අද්‍යාපනයවත් දෙන්නට බැරි උනා. ම කියන්න කැමතියි තොරතුරු තාක්ෂණ ශාක්ෂරතාවය පරිඝණක විද්‍යා ශාත්ෂරතාවය  වර්ධනය කරන වැඩ සටහන, ඒ වගේම අපේ රටේ  සෑම තරුණයෙකුටම,තරුනියකටම, පාසල් සිසු දරු දැරියකටම තමන්ගේම පරිඝණක යන්ත්‍රය තමන්ගේම ටැඩ් එක තමන්ගේම ලැප්ටෝප් එක අයිතිකර ගැනීමේ ඒ යුගය අධ්‍යාපනයෙන් මේ රට සන්නද්ද කරන යුගය බුද්ධියෙන් දැනුමෙන් ඥානයෙන් මේ

රට ඉදිරියට යන යුගය රට මුහුණ දෙන ප්‍රශ්න වලට කෙටිකාලීනව මධ්‍ය කාලීනව දීර්ඝ කාලීනව, විද්වත් ආකාරයෙන් විද්වතුන් භාවිතා කරල විශේෂඥයින් භාවිතා කරල ඒ වගේම විශ්ව විද්‍යාලයීය ආචාර්ය, මහාචාර්ය,කතිකාචාර්ය වරුන් පල පුරුද්ද දැක පුරුද්ද මේ හැම දෙයක්ම තිබෙන, හැකියාවෙන් සංවර්ධනය වුනු ජන පරපුරක්   නිර්මාණය කරල අපි අපේ මාතෘභූමිය රැක ගනිමු.

අපිට අවහ්‍යවෙන්නේ කාඩ්බොඩ් දේශප්‍රේමීත්වය නොවෙයි. අපි ලග තියෙන්නේ බොරු දේශප්‍රේමීත්වය නෙවෙයි. බොරු ජාතී ආලය නෙවෙයි. අපි තමයි සැබෑ දේශප්‍රේමීන්. අපි පොරොන්දුවක් වෙනවා. මේ රටේ සැබෑ දේශප්‍රේමීන් හැටියට මේ රටේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත තමුන්නාන්සේලාගේ සල්ලි අමු අමුවේ හොරාකන මේ යුගය ජන බලයෙන් ජන සවියෙන්, පරාජය කරල අපි අපේ මාතෘ භූමිය  නිදහස් කරගනිමු. මේ රට සුරක්ෂා කර ගනිමු. මේ රට දියුණු කර ගනිමු මේ රට ආරක්ෂා කර ගනිමු.

අපි විපක්ෂයේ ඉන්කොට පමණක් නොවෙයි තොරතුරු තාක්ෂණය ගැන පරිඝණක තාක්ෂණය ගැන කතා කරන්නේ, ඔව් අපි කතා කරනව. මේ රට ගොඩ ගන්න තොරතුරු තාක්ෂණය පිළිබදව අපි ප්‍රතිපත්තියක් එලි දැකුවූවා. රාජ්‍ය බලය නැතිව හෝ මේ විපක්ෂයේ ඉදගෙන අපි එලිදක්වන ලද  තොරතුරු තාක්ෂණ විප්ලවය හක්මන මැතිවරණ කොට්ඨාශයේ, සම්පත් ඌණතාවයෙන් පෙළෙන පරිඝණක ඌණතාවයෙන් පෙළෙන ස්මාට් ෆොන් නැති ස්මාට් පන්තිකාමර නැති රාජ්‍ය අද්‍යාපන පද්ධතියට පාසල් පද්ධතියට  අපි ලගදීම සක්වල වැඩසටහන තුලින් ඔය බොරුවට එක එක්කෙනා කතා කරන තොරතුරු තාක්ෂණ විප්ලවය වෙනුවටමහ පොලොවේ පාසල් පද්ධතියේ ක්‍රියාත්මක වෙන තොරතුරු තාක්ෂණ විප්ලවයත් රැගෙන අපි එනවා.

ආණ්ඩු බලයක් අතේ තියාගෙන ඕවා කරන එක මහ ලොකු කෙරුවාවක් නෙවෙයි. ආණ්ඩුවට සල්ලි තියෙනවා. රටේ ජනතාව බදු ගෙවනව. සෘජුවත් ගෙවනව. වක්‍ර බදු ගෙවනව. රා්‍ය ආදායම හැටියට ලැබෙන සල්ලි විවිධ ආණ්ඩු සංවර්ධනයේ නාමයෙන් රටේ ජනතාවට ආපසු බෙදල දෙනව. අපි වැඩ පෙන්වන්නේ විපක්ෂයේ ඉදගෙන.

ඔය ආන්ඩු බලය ලබාගන්නට සිහින මවමින් සිටින හොදට කතා කරන්නට පුලුවන්  බොරු කව්වාරු ගහන මහ පොලොවේ වැඩක් කරන්නට හැකියාවක් නැතිව නොහැකියාව ඇතිව විරුද්ධ පක්ෂයේ සිටින හැම පක්ෂයකටම පුලුවන්නම් සජිත් පේමදාසත් එක්ක එන්න හරි හරියට ජනතාවට සේවය කරන්න කියල. පුලවන්නම් ඒ අභියෝගය භාරගන්න කියල මම කියනවා.

දැන් අවහ්‍ය කයිවාරු ගැසීම නොවෙයි. ජනතාවට සේවය කිරීමයි. මේ රටේ ගොවිජනතාවට සහනාධාර ක්‍රමයට පොහොර ලබාදීමේ වැඩසටහන ආරම්බ කරන්නේ සමගි ජනබලවේග ආන්ඩුවක් යටතේ කියන එක මම වගකීමෙන් කියනවා. යයි විපක්ෂනායක වරයා කීය.

 

No comments

Ads Place