Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු පසු පෙළ මන්ත්‍රීන්ගේ රහස් සාකච්ඡාවක්!

පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් කොළඹදී රහස් සාකච්ඡාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (03) කොළඹ පිහ...

පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් කොළඹදී රහස් සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (03) කොළඹ පිහිටි නිවසක රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අදාළ රැස්වීම පැවැත්වූ නිවසද පොදුජන පෙරමුණට සහය දැක්වූ ප්‍රභලයෙකුගේ නිවසක් බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික පැකේජ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව මෙම මන්ත්‍රීන් පිරිස සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මීට සහභාගීවූ පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරු පළමුවරට පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වන අතර ආන්දෝලනාත්මක කතාවක් හේතුවෙන් සමාජයේ අවධානයට ලක්වූ බදුල්ලේ මන්ත්‍රීවරයා මීට නායකත්වය සපයා ඇති බවයි වාර්තා වන්නේ.

පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් හඩ නැගුවද ඔවුන්ට ආණ්ඩුවෙන් කිසිදු වරප්‍රසාදයක් හිමිනොවීම හා තමන්ගේ ඡන්ද කොට්ඨාශයට ගොස් මහජනතාවට මුහුණදීමට නොහැකිවීම නිසා ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

ඒ අනුව “පසුපෙළින් අපේ හඬ” නමින් වෙනම ම ගමනක් යෑම වරප්‍රසාද හිම් නොවුණු මෙම මන්ත්‍රීවරුන් පිරිසේ බලාපොරොත්තුව බවයි වාර්තා වන්නේ

 

No comments

Ads Place