Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සති දෙකකට කෑම නැති තත්වයකට රට පත් වෙනවා

ද්විතීයික වෙළඳපොලේ ස්වෛරී බැඳුම්කර ගෙන ඇත්තේ කවුදැයි හෙළි දරව් කරන ලෙස මහ බැංකුවේ අධිපතිවරයාට අභියෝග කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් ක...

ද්විතීයික වෙළඳපොලේ ස්වෛරී බැඳුම්කර ගෙන ඇත්තේ කවුදැයි හෙළි දරව් කරන ලෙස මහ බැංකුවේ අධිපතිවරයාට අභියෝග කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මීළඟ ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 500ක් ගෙවූ පසු රට තුල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 600 දක්වා පහත වැටෙන බව ද එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

මෙම සංචිත ප්‍රමාණය මාස 2කට ඉන්ධන ගෙන්වීමට හෝ ප‍්‍රමාණවත් නැති බව පැවසූ ඔහු මේ හේතුවෙන් සති 2 කට වත් කෑම නැති තත්ත්වයකට රට පත්වන බවද කියා සිටියේය.

එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place