Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය නගරය අද ජනතාවට විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ජනතාවට ප්‍රථමවරට නැරඹීම සඳහා අවස්ථාව අද (10) උදා වුණි. ඒ අනුව,...

කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ජනතාවට ප්‍රථමවරට නැරඹීම සඳහා අවස්ථාව අද (10) උදා වුණි.

ඒ අනුව, අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබේ.

කොළඹ වරාය නගර පරිශ්‍රයට ඇතුළුවීමට හැකි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව පළමුවරට ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ උදෑසන 10ට පමණය.

පදික මංතීරුවේ තවත් කොටසක 65 වසරක චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික ඡායාරූප දැක්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් දක්නට ලැබෙයි.

එමෙන්ම මරීනා කලාපයේ පිහිටි සැහැල්ලු යාත්‍රා අංගනයත් දැකබලා ගන්නටද ජනතාවට අවස්ථාව හිමිවෙයි.

එම අවස්ථාවට එක්වූ ජනතාව පැවසුවේ...

"ගොඩක් සන්තෝෂයි. මිනිස්සු පීඩනය මැද නේ ඉන්නේ. මේ වගේ දේකට ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන එක හොඳයි."

"මේ වගේ දෙයක් ලංකාවේ තියෙන්න ඕනේ. ඇත්තටම අපට ගොඩක් සතුටුයි. අහම්බෙන් වගේ මෙතැනට එන්න පුළුවන් වුණා. රට ඉක්මණින්ම දියුණු වෙනවා කියන දේ මට අද දැනුණා.

 

No comments

Ads Place