Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුවේ රැසක් ජනාධිපති කිට් මහලා..

කොවිඩ් පරාජය කරලා රටේ ආර්ථිකය ගොඩ නැගීමේ අරමුණ ජයග්‍රහණය කරන්න නම් පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට සීමා කර පොදු  අරමුණකින් කටයුතු කල යුතුව ඇතැයි...

කොවිඩ් පරාජය කරලා රටේ ආර්ථිකය ගොඩ නැගීමේ අරමුණ ජයග්‍රහණය කරන්න නම් පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට සීමා කර පොදු  අරමුණකින් කටයුතු කල යුතුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයට මුවා වී රටේ බලය ඩැහැ ගැනීමට උත්සාහ දරණ පටු දේශපාලනය රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

රජය කටයුතු කරන්නේ රටේ ජනතාව ගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීලයි. කොවිඩ් වසංගතයට මුහුණ දීම සදහා අපි එන්නත්කරණයට මුල් තැන දීලා තියෙනවා. අද ලෝකයේ බලවත්, අපිට වඩා සමාජීය වශයෙන් දියුනු රටවල් එක්ක සංසන්දනය කරද්දි එන්නත්කරනයෙන් අපේ රට,වෛරසයට එරෙහිව ජනතාවගේ ප්‍රතිශක්තිය නැංවීම අතින් හොද තැනක ඉන්නවා. මේ වෙනකොට සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරන්. ලෝකයේ සංචාරයට  සුදුසු ම මුල් රටවල් 5 ඇතුලේ ශ්‍රී ලංකාවත් ඉන්නවා. මේ අවුරුද්දේ මුල් දවස් 20 ට ලංකාවට සංචාරකයෝ 53,791 ක් ඇවිදින් තියෙනවා. සාමාන්‍ය යෙන් දවසකට සංචාරකයෝ 3000 කට ආසන්න පිරිසක් ලංකාවට එනවා. මුල් දින 20 ලංකාවට ආපු සංචාරකයන් වැඩි පිරිසක් ඇවිත් තියෙන්නේ රුසියාවෙන්. එය දසදහසකට ආසන්නයි.

විපක්ෂය මේ රටේ නැති අර්බුද හදනවා. ඒ අය සමාජගත කරන බොරු ප්‍රචාර එක්ක රටේ සමහර අය නොමග යනවා. ගැටලු නැතිව නෙවේ. ඒ ගැටලු වලට විසදුම් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. නමුත් විපක්ෂය හදන්නේ රටේ ප්‍රශ්නවලට ආණ්ඩුවේ විසදුම් නෑ කියලා ජනමතයක් ඇති කරන්නයි.  විරුද්ධ පක්ෂයටත් පනස් දෙලක්ෂයක් චන්ද දුන්නා. ඒ අයට විවේචනය කිරීමේ නිදහස තියනවා. විපක්ෂයේ සාධාරණ විවේචන  භාර අරන් ඒවා නිවැරදි කර ජනතා බලාපොරොත්තු ඉටු කරන්න අපි කටයුතු කරගෙන යනවා.

ආණ්ඩුවට එකතු වෙල තියෙන සමහර දේශපාලන පක්ෂ වල අයත් ආණ්ඩුව විවේචනය කරන්න  පටන් අරන්. ඒක ඒ අයගේ  දේශපාලන ප්‍රතිපත්තිය එක්කයි තීරණය වෙන්නේ. නමුත් ආණ්ඩුවක් වුනහම මොන විවේචන තිබුණත් සාමූහික වගකීම ආරක්ෂා කළ යුතුයි. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ ඉදගෙන විවේචනය කරන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්නයි. යුද්ධය වෙලාවෙත් මේ වගේ අසීරු අවස්තා ඇති වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට එකතු නොවුණානම් අද ඒ අයට තියෙන මන්ත්‍රී ආසන ටිකත් නෑ. මෛත්‍රීපාල සිරිසේනත් පරදිනවා. ඒ නිසයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා එදා ඉක්මනට ඇවිත් නාමයෝජනා වලට අත්සන් කළේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකුනේ පොහොට්ටුව නිසා. ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ අයට යන්න තැනක් නැති වෙලාවේ තමයි පොහොට්ටුව හැදෙන්නේ.

බණ්ඩාරනායක මහත්තයා යූ.ඇන්.පියෙන් එලියට බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ වෙනත් අරමුණකින්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන වගේ නායකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් පක්ෂය යූ.ඇන්.පි යට අරන් ගියා. ඔය කවුරු කෑගැහුවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය ජනතාව ඉන්නේ අපි එක්කයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතාගෙන ඉන්නේ ආන්ඩුව විවේචනය කරපුවාම තමන්ට ජනතාවගේ ප්‍රසාදය ලැබෙනවා කියලයි. ඒ අය ඊලගට කාටද හේත්තු වෙන්නේ කියලා බලාගෙන වැඩ කරන්නේ.

කොවිඩ් පරාජය කරලා රටේ ආර්ථිකය ගොඩ නැගීමේ අරමුණ ජයග්‍රහණය කරන්න නම් පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට සීමා කර පොදු  අරමුණකින් කටයුතු කල යුතුයි. රටක් වෙනුවෙන් වැඩ කරන්න බැරි විපක්ෂ නායක සහ අනෙකුත් පක්ශ නායකයෝ උත්සහ කරන්නේ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න.

දැන් අනුර කුමාර, සජිත් ප්‍රේමදාස , පාටලී ජනාධිපති කිට් මහලා. තව අවුරුද්දක් විතර යනකම් ඒ අය ජනාධිපති හීන දකියි. ඒ අය ජනාධිපති වෙන්නේ ෆේස්බුක් වල මිසක් මහ පොළොවේ නෙමෙයි.  ආණ්ඩුවේ රට ගොඩ නගන වැඩ පිළිවෙල මේ වසරේ සාර්ථක විමත් එක්ක මේ සිහින ජනාධිපතිවරුන්ගේ රෙදි ගැළවෙනවා.’’

 

No comments

Ads Place