Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රො නව සභාපති රේණුක,පොහොට්ටුවේත් පාලක ලේකම්

ලිත්‍රො ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ. මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් ශ‍්‍රී ලං...

ලිත්‍රො ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත මේ බව දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම්වරයාට, අග්‍රාමාත්‍ය ලේකම් වරයාට, ලිත්‍රො හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහතාට මෙම ලිපියේ පිටපත් යොමු කර තිබේ.

නව සභාපති රේණුක පෙරේරා මහතා මීට පෙර නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල අතර එම ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූයේ රාජ්‍ය ඇමති සමග ඇති වූ මත ගැටුමක් නිසාය.

රේණුක පෙරේරා මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාද වේ.

 

No comments

Ads Place