Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රො ගෑස් වලටත් ඩොලර් නෑ..ණයට ගෑස් ඉල්ලයි

ණයවර ලිපි වලට බැංකුවලින් ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ලිත්‍රො ගෑස් සමාගම ද අර්බුදයකට මුහුණපා තිබේ. ඔවුන් ද මේ වන විට ණය පදනම මත ගෑස් ලබා ගැ...

ණයවර ලිපි වලට බැංකුවලින් ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ලිත්‍රො ගෑස් සමාගම ද අර්බුදයකට මුහුණපා තිබේ.

ඔවුන් ද මේ වන විට ණය පදනම මත ගෑස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ලිට්රෝ සමාගම ඇනවුම් කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3200 පමණ තොගයක් පසුව මුදල් ගෙවීමේ එකඟතාවය මත ලබා ගෙන ඇති බවත් පැවසු එම නිලධාරියා ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් එම නෞකාවේ ගෑස් තොගය ගොඩබෑම දින කිහිපයක් ප්‍රමාද වූයේ නම් රට තුළ ගෑස් හිගයක් ඇති වීමට ඉඩ තිබූ බවත් කියා සිටියේය.

ඩොලර් හිගය ගෑස් සැපයුම සම්බන්ධයෙන් බලපෑම් කරනු ඇති බවද පැවසූ ඔහු ඒ පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු සැලසුම් කරමින් සිටින බවද සඳහන් කළේය.

 

No comments

Ads Place