Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සපුගස්කන්ද නිතර අරින වහන එක සුදුසු නෑ..-ප්‍රවීණයෙක් කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිතර අක්‍රීය කිරීමත් යළි සක්‍රීය කිරීමත් තුළින් එහි මෙහෙයුම් පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බව ඛනිජ තෙල් උපදේ...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිතර අක්‍රීය කිරීමත් යළි සක්‍රීය කිරීමත් තුළින් එහි මෙහෙයුම් පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බව ඛනිජ තෙල් උපදේශකවරයෙකු වන සිරිල් සුදුවැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ඛනිජ තෙල් උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සිරිල් සුදුවැල්ල මහතා පෙන්වා දෙන්නේ එම තෙල් පිරිපහදුව සකස් කර ඇත්තේ වසර 2ක් නොකඩවා පවත්වාගෙන යාමට හැකිවන පරිදි බවය.

සිරිල් සුදුවැල්ල මහතා වැඩිදුරටත් පැවසුවේ,

"සපුගස්කන්ද තෙල් පිරිපහදුව හදලා තියෙන්නේ දවසකට බැරල් 50,000 ධාරිතාවෙන්. ඒකෙ මෙහෙයුම් ධාරිතාවය තියෙන්නේ වසර 2ක් නොකඩවා ක්‍රියාත්මක කරලා ඊට පස්සේ නඩත්තු කටයුතු වෙනුවෙන් ටික දවසක් වහන්න. අපි අවුරුදු 40ක් තිස්සේ කරගෙන ආවේ එහෙමයි." 

"නමුත් මේ වගේ එකළඟ පිරිපහදුව වහන්නයි අරින්නයි ගියොත් පිරිපහදුවේ තාක්ෂණික ක්‍රියාවලියත් එක්ක මහ විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ වගේම එහි යන්ත්‍ර බිඳවැටෙන්න පුළුවන්." 

"අපි බොරතෙල් ගෙනල්ලා මේකෙන් LP ගෑස්, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ජෙට් ඉන්ධන වගේ දේවල් වෙන් කරගන්නවා. මේක හරියට කරනවා නම් රටට විශාල වාසියක්." 

"ඒ වගේ පිරිපහදුවක් මේ විදිහට වහන්නයි අරින්නයි ගියොත් එහි අභ්‍යන්තර ක්‍රියාවලියට හානි වෙන්න පුළුවන්." 

"පිරිපහදුව අරිනවා නම් බැරල් 50,000ක ධාරිතාවයෙන් අවම වශයෙන් අවුරුදු 2ක් ක්‍රියාත්මක විය යුතුයි."

"මේ විදිහට ගියොත් විශාල පාඩුවක් රටට වෙන්න පුළුවන්. පිරිපහදුව වහන්නත් නැවත ක්‍රියාත්මක කරන්නත් විශාල වියදමක් යනවා. එය නැවත නැවත සිදුවීමේදී සිදුවෙන පාඩුව ගණනය කරන්න බෑ. ඒක මිලියන ගාණකින් වෙන්න පුළුවන්."

"මේ පිරිපහදුව හදපු කාලේ දවසේ ලාබය සාමාන්‍යයෙන් තිබුණා 10%ත් 20%ත් අතර. ලෝකෙ හැමතැනම පිරිපහදුව කියන්නේ ලාබ ලබපු ව්‍යාපාරයක්."  

"අපිට වාසි බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරලා බෙදාහරින එකයි. මේක තව පුළුල් කළ යුතුයි. අවම වශයෙන් දවසකට මෙට්‍රික් ටොන් 100,000ක් හෝ 150,000ක් පිරිපහදු කරන්න පුළුවන් නම් රටට විශාල ලාබයක් ගන්න පුළුවන්."  

"පසුගස්කන්ද පිරිපහදුව කියන්නේ ඒකක ගොඩාක් තියෙන හොඳ පුහුණු මධ්‍යස්ථානයක්." 

ඛනිජ තෙල් රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන සිරිල් සුදුවැල්ල මහතා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙකි.

ඔහු ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාර ප්‍රධානියෙකු ලෙසද, සපුගස්කන්ද පිරිපහදුවේ තාක්ෂණික කළමනාකරු ලෙසද කටයුතු කර තිබේ

 

No comments

Ads Place