Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්ති කොඩිකාරට මහරගම නගරාධිපති ගුටි අනී.වැසිකිළි ප්‍රශ්නයක්...

මහරගම නගර සභාවේ සභාපතිවරයා හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහර දීමේ සිද්ධියට එරෙහිව මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (2...

මහරගම නගර සභාවේ සභාපතිවරයා හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහර දීමේ සිද්ධියට එරෙහිව මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (25දා) දහවල් නගර සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි .

මහරගම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර ,ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියන් ඇතුළු පිරිසක් විරෝධතාව සඳහා සහභාගී වී සිටියහ.

එහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ මහරගම නගර මධ්‍යයේ පිහිටි පොදු වැසිකිලිය වෙනුවට නව වැසිකිළි පද්ධතියක් ඉදි කිරීමෙන් පසුව පරණ වැසිකිළි කඩා ඉවත් කිරීමට කමිටු රැස්වීම්වලදී පොරොන්දු වී තිබියදී පොදු වැසිකිලිය කඩා ඉවත් කිරීම නීතිවිරෝධී බවත් , ඉන් ඉවත් කළ අබලි කම්බි ටෙන්ඩර් කැඳවීමකින් තොරව හොර රහසේ වෙළඳසැල් වලට විකිණීම නීති නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා මැදිහත් වී වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම වැසිකිළි පද්ධතිය ඉවත් කරන අවස්ථාවේදී ඊට විරෝධය පෑම සඳහා නගර සභාවේ හිටපු සභාපතිනිය ඇතුළු පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී වත්මන් සභාපතිවරයා ඇයට පහර දීමෙන් කාන්තා හිංසනයක් සිදුකර ඇති බවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාකරුවෝ පොලීසියෙන් ඉල්ලා සිටියේය.

 

No comments

Ads Place