Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බලංගොඩ නගර සභාවේ බලය පෙරලේ..

බලන්ගොඩ නගරසභවෙිි නව සභාපතිවරයා ලෙස (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) වසන්ත ගුණරතත මහතා තේරි පත් විය. 2018 වසරේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දි බලන...

බලන්ගොඩ නගරසභවෙිි නව සභාපතිවරයා ලෙස (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) වසන්ත ගුණරතත මහතා තේරි පත් විය.

2018 වසරේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දි බලන්ගොඩ නගරසභවෙිි බලය එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවා තිබුණ අතර සභාපති චාමික ජයමිණි විමලසේන මහතා සභාපතිවරයා ලෙස වසර හතරක කාලයක් කටයුතු කලේය.

නමුත් චාමික ජයමිණි විමලසේන මහතා විසින් (එක්සත් ජාතික පක්ෂ) 2022 වර්ෂය වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය වාර්තාව ⁣දෙවරක් පරාජයට පත් විම හේතුවෙන් චාමික ජයමිණි විමලසේන මහතා සභාපති දුරයෙන් ඉල්ලා අස්වුවා සේ සලකා සබරගමු පලාත් අාණ්ඩුකාර ටිකිරි කොබිබැකඩුව මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් දැනුම් දිමක් කර තිබුණි.

ඒ හේතුවෙන් නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනිම සදහා පලාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ නගරසභාවෙිදි ඡන්ද විමසිලිමක් සිදු කෙරිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරැ 10 දෙනෙකු පොදුජන පෙරමුණේ වසන්ත ගුණරතත මන්ත්‍රීවරයාට ඡන්දය ලබා දුන්හ.එක්සත් ජාතික පක්ෂයේ එමි.ඩබ්ලිව් විමලසේන මහතා වෙනුවෙන් ඡන්දය 06 ක් ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද හතරකින් වසන්ත ගුණරතත මහතා සභාපතිවරයා ලෙස තේරි පත් විය.

 

No comments

Ads Place