Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයෙන් ගේන හාල් කෑවොත් වකුගඩු ලෙඩ හැදෙනවා

චීනයේ සිට මෙරටට ගෙන්වනු ලබන සහල් ආහාරයට ගතහොත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් තවදුරටත් ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ...

චීනයේ සිට මෙරටට ගෙන්වනු ලබන සහල් ආහාරයට ගතහොත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් තවදුරටත් ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

චීනය තම වගා කටයුතු සඳහා රසායනික පොහොර විශාල වශයෙන් භාවිතා කරන බවද හෙතෙම පැවසීය.

චීනය ශ්‍රී ලංකාව මෙන් තුන් ගුණයක් හතර ගුණයක් පමණ රසායනික පෝර භාවිතා කරන බව ද ඔහු සදහන් කරයි.

මෙම ගැටලුව ඇති කළේ වත්මන් ආණ්ඩුව බවත් පොහොර ආනයනයට ඩොලර් මිලියන 400ක් නොදී ඊට වඩා වැඩි මුදලක් අද ගෙවන්නට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලය කරති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය

 

No comments

Ads Place