Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුසිල්ට පොහොට්ටුවෙනුත් යන්න වෙයිද??

හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ‍්‍රී ලංකා පො...

හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දිනක පැවැත්වීමට නියමිත එම රැස්වීමේදී ගණ්නා තීරණය පක්ෂයේ නායකයා විසින් දැනුම් දෙනු ලැබීමෙන් පසු ලේකම්වරයා ලෙසත් තමන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.

ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාලය දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉකුත් 4 වෙනි දා ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීය.

මේ අතර සමාජ ජාලවල වාර්තා පල වන්නේ ඇමති ධුරයෙන් ඉවත් කිරීම අනුව යමින් පේ‍්‍රම්ජයන්ත් මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉවත් කරනු ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම එම ධුරයෙන් ඔහු ඉවත් කිරීමට ආසන්නතම හේතු වූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

 

No comments

Ads Place