Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එළවළු මිල පහළට...

ඇතැම් එලවළු වර්ග වල මිල පහත වැටිම හමුවේ එලවළු ගොවියාට විශාල පාඩුවක් සිදු වි ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභා...

ඇතැම් එලවළු වර්ග වල මිල පහත වැටිම හමුවේ එලවළු ගොවියාට විශාල පාඩුවක් සිදු වි ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

(30) දින නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මේ වන විට එලවළු මිල පෙර මාස වලට සාපෙක්ෂව අඩුවක් පවතිනවා.

ලික්ස් රු 160-170 , ගෝවා රු 200 , කැරට් රු 400 , බිට්රුට් රු 300 , රාබු රු 40-50 වශයෙන් තමයි යන්නේ.

එලවළු මිල අඩුවිම ගොවින් පාඩුවක් වෙනවා  ඒකට හේතුව තමයි එලවළු නිෂ්පාදනය කරන්න ගොවින්ට විශාල වියදමක් දරන්න සිදු වෙලා තියෙනවා.

පොහොර මිටියක් රු 9500 යි , යුරියා මිටියක් රු 22500 යි , වැඩ කරන කම්කරුවෙකුට රු 2000 පමණ ගෙවන්න ඕනි.

එලවළු බිජ ලබා ගැනිමේදි පෙර ලැබුණු වට්ටම් කිසිවක් ලැබෙන්නේ නැ , ඉස්සර බිජ ටින් ලබා ගැනිමේදි මුදල් ගෙවිමට යම් කාලයක් ලබා දුන්නා නමුත් දැන් එලෙස කාලයක් ලබාදෙන්නේ නැ.

පොහොර ගැටළුව නිසා එලවළු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා , ඒ නිසා එම එලවළු මිල දි ගැනිමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නැ , අඩු මිලට තමයි අලෙවි කරන්න වෙන්නේ.

එලවළු මිල වැඩි වුණාම පාරිභෝගිකයන් මිල දි ගන්නේ ගුණාත්මකභාවයෙන් වැඩි එලවළු පමණයි.

ගුණත්මක භාවයෙන් අඩු එලවළු මිල දි ගන්නේ නැ , ඒ නිසා ව්‍යාපාරිකයන් දැඩි වෙහෙසක් දරනවා එම එලවළු අලෙවි කරන්න. යනුවෙන් පැවසිය.

නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ද කියා සිටින්නේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ නිෂ්පාදන වියදම ඉහල ගොස් ඇති බවයි. එවන් තත්ත්වයක් මත එලවළු මිල පහල වැටිමෙන් තමන්ට විශාල පාඩුවක් සිදු වන බවත්, පැරණි මිලට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දෙන්නේ නම් එලවළු මිල තවත අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බව නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා ගොවින් කියා සිටිහ.

 

No comments

Ads Place