Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාපැදියෙන් වැඩට එන්න කැබිනට් පත්‍රිකාවක්

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාපැදිවලින් රාජකාරි...

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

වායු දුෂණය අඩු කිරීම කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම ඇතුළු තවත් කාරණා ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බවත් ඔහු සදහන් කලේය.

පාපැදිය භාවිතා කිරීම මගින් සෑම කිලෝමීටර් එකටම රුපියල් 236 ඉතිරි කල හැකි බවත් එමගින් රජයට රුපියල් 339ක ලාභයක් ලැබන බවත් ඔහු පෙන්වා දෙයි.

 

No comments

Ads Place