Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රියේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමු වේ..

තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගමන්මල්ලක සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360 ක...

තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගමන්මල්ලක සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360 ක් තිබී සොයාගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය.

තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රිය අද දහවල් තොට්ටවේලි දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි රාජකාරියේ යෙදී සිටි යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් දුම්රියට ගොඩ වී ඇති අතර පසුව දුම්රිය මන්නාරම සෞවුත්බාර ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබියදී යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී අනන්‍යතාවයක් නොමැති බෑගයක් හමුවී ඇත

එහිදී යුදහමුදා සෙබලුන් විසින් අදාල බෑගය පිළිබඳ දුම්රිය මගීන්ගෙන් විමසා සිටියද එහි අයිතිකරුවන් නොමැති බවට සනාතවීමෙන් අනතුරුව බෑගය පරික්ෂාකර බැලීමේදී එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

අදාල අයිස් මත්ද්‍රව්‍ය කිසියම් පුද්ගලියෙකු තලෙයිමන්නාරමේ සිට කොළඹ දක්වා රැගෙන යාමට උත්සහ දරා ඇති බවටත් යුදහමුදා සෙබලුන් දුම්රියට ගොඩවීම හේතුවෙන් ජාවාරම් කරු බෑගය දමා පලාගොස් ඇති බවටද යුදහමුදා සෙබලුන් සැකපල කර සිටියහ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාරදීම යුදහමුදා සෙබලුන් විසින් පියවර ගනු ලැබීය.

 

No comments

Ads Place