Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුවත්පත් මණ්ඩල සභාපතිගෙන් ජනාධිපතිට ප‍්‍රහාරයක්.. පත් කලේ පොහොට්ටුවෙන් බව මතක් කර දෙයි..

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්න...

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පළ කරයි.

සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිත්‍රො ගෑස් සමාගම ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාඅන් ටවත් නොව පොදු ජන පෙරමුණට බවත් හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බවද ඔහු සිහිපත් කර ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

කෙෂාර ජයසිංහ මහතා ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කරන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඊයේ පෙරවරුවේ ලිපියක් යවා තිබිනි.

මුත් ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම අවලංගු කර තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් නැවත පිහිටුවන ලෙස නියෝග කර තිබින.



 

No comments

Ads Place