Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් නැතිව හැටන් හෝටල් වසයි

නව වර්ෂය ආරම්භයත් සමග හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත්විමෙන් හැටන් නගරයේ හෝටල් කිපයක් 02වන දින සිට වසා දැමිමට පියවර ගෙන ඇත....

නව වර්ෂය ආරම්භයත් සමග හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත්විමෙන් හැටන් නගරයේ හෝටල් කිපයක් 02වන දින සිට වසා දැමිමට පියවර ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම හෝටල් හිමියන් පවසනුයේ නගරය තුල ගෑස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත හොටල් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි විමෙන් හෝටල් වසා දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙසේ හෝටල් වසා දැමිමෙන් තම ආදායම් තත්වයන්ද පහල බසින බවත තම හෝටල්වල සේවය කරන පිරිස්වල රැකියාවන්ද දින කිපයකට අහිමි වන බවත් එම හෝටල් හිමියන් වැඩි දුරටත් පවසන ලදි.

නගරය තුල පවතින ගෑස් හිගය හේතුවෙන් තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි නගරයේ ගැස් අලෙවි නියෝජිතයන් පවසනුයේ නිසි ලෙස ගෑස් තොග නොලැබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

 

No comments

Ads Place