Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වික්ටෝරියා ජලාශය අසාමාන්‍ය ලෙස සිදෙයි..විදුලි අර්බුධය තවත් උග්‍ර වෙයි

වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස හදිසියේ සිදී යාමක් හේතුවේ ඒ සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් ඇති ව තිබේ. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මෙම තත්ව...

වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස හදිසියේ සිදී යාමක් හේතුවේ ඒ සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් ඇති ව තිබේ.

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මෙම තත්වය හමුවේ දැනට රටට ඇති වී තිබෙන විදුලි අර්බුදයට මෙන් ම මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

වික්ටෝරියා ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ මාර්තු අප්‍රේල් මාස වල දී වාර්තා වන ජලාශයේ ජල මට්ටම මෙවර අසාමාන්‍ය ලෙස ජනවාරි මැද භාගයේ දී වාර්තා වෙමින් ඇති බවයි.

ජලාශයේ උපරිම ධාරිතාවට සාපේක්ෂව මීටර් 10ක පමණ විශාල ප්‍රමාණයකට ජලය අඩුවී වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරන්නේ හුණුගල් ආශ්‍රිත ජලාශ වල කිසියම් පැල්මකට ජලය කිදා බැසීමක් බොහෝවිට මේ හරහා බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම මීට පෙර වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ඇති වූ භූ කම්පන අධ්‍යයනය සඳහා පත්කර කමිටුවෙන් ද පුළුල් ව ඒ ගැන සඳහන් කර තිබූ බවද ඔහු පැවසීය.

 

No comments

Ads Place