Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජල මට්ටම් වේගයෙන් පහලට.. කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය නතර කරයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවත...

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරයෙකු පැවසිය.

කාසල්රි ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 155 ක් වන අතර , (13) දින උදැසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 144.2 දක්වා පහල බැස තිබුණි.

මවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 120 ක් වන අතර , (13) දින අලුයම වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 85.9 දක්වා පහල බැස තිබු බවයි එම ඉංජිනේරුවා කියා සිටියේ.

කැනියොන් විදුලි බලාගාරයට ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් විදුලි බලාගාරයේ මෙගාවොල්ට් 75ක විදුලි උත්පාදනය එම නඩත්තු කටයුත්ත හේතුවෙන් දැනට දින පහක් තිස්සේ සිදු නොකරන බවත්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර  යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

 

No comments

Ads Place