Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි කප්පාදුවක්..ජලාශ අඩියේ..තාප විදුලියට ඩොලර් නෑ

මෙරට ඇති වී තිබෙන ඩොලර් හිගතාවය හේතුවෙන් ඩීසල් මිලදී ගැනීමට නොහැකි වීම මත සපුගස්කන්ද තාප විදුලි බලාගාරය වසා දමා ඇති බව ලංකා විදුලි සේවක සංගම...

මෙරට ඇති වී තිබෙන ඩොලර් හිගතාවය හේතුවෙන් ඩීසල් මිලදී ගැනීමට නොහැකි වීම මත සපුගස්කන්ද තාප විදුලි බලාගාරය වසා දමා ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් නුදුරේදීම විදුලි කප්පාදුවකට මුහුණ දීමටත් සමස්ත රටටම සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හා සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද වසා දමා ඇති බවත් ඊට අවශ්‍ය ඩීසල් ලබාගන්නේ තෙල් සංස්ථාවෙන් වුවද ඩොලර් හිගය නිසා සංස්ථාවෙන් තෙල් ලබා නොදෙන හේතුව මත මෙම තත්වය බරපතල වී ඇති බව ද ඔහු පෙන්ව දෙයි.

පසුගිය දිනවල පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් විදුලිය අඛණ්ඩව සැපයුව ද ජලාශවල රොන්මඩ පිරී ඇති නිසා තව දුරටත් ජල විදුලිය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 300 බැගින් වූ උත්පදන යන්ත‍්‍ර තුනක් තිබුණද ඩොලර් ප්‍රශ්නය මත ඒ පිළිබඳ විශ්වාසය තබා ගත නොහැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place