Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩ වර්ජන ව්‍යවස්ථාවෙන්ම තහනම් කරන්න යෝජනා කරයි

රටේ ආර්ථික මර්මස්ථාන වලට අයත් රාජ්‍ය ආයතන වල සේවකයන්ට වැඩ වර්ජනය කිරීමට ඇති අවස්ථාව ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතු බව අධිකරණ ඇමැති අලි සබ්රි ම...

රටේ ආර්ථික මර්මස්ථාන වලට අයත් රාජ්‍ය ආයතන වල සේවකයන්ට වැඩ වර්ජනය කිරීමට ඇති අවස්ථාව ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතු බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් වෘත්තිය සමිති සුළු සිදුවීම්වලට පවා වැඩ වර්ජන සිදුකිරීමෙන් ආර්ථිකයට මෙන්ම ජනතාවට මහත් හානියක් සිදුවන බවයි.

මෙවැනි වර්ජන නතර කිරීමට ජනාධිපතිවරයා ද මැදිහත් විය යුතු බව ඔහු පෙන්වාදෙයි.

අධිකරණ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

 

No comments

Ads Place