Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එලවළු මිල යලිත් ඉහළට??

එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති  බවත්, ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර කඩනමින් ලබානොදුන හොත් අප්‍රේල් මැයි මාසය වන විට එලවළු හිගයක් ඇති වි යලිත් එ...

එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති  බවත්, ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර කඩනමින් ලබානොදුන හොත් අප්‍රේල් මැයි මාසය වන විට එලවළු හිගයක් ඇති වි යලිත් එලවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ.

එලවළු හිග විමට ප්‍රධාන හේතුව පොහොර ප්‍රශ්නය, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය කිලෝ හැටදහසකට බැහැලා තියෙනවා.

එලවළු මිල යම් කිසි අඩුවක් පැවතුණත් ඒක දිගටම පවතින්නේ නැ , ආපසු එලවළු හිගයක් පවතිනවා.

නුවරඑලිය එලවළු දැන ඉහල මිලකට අලෙවි වෙනවා ,ගමේ එලවළු මිල ඉහල ගිහින් තියෙනවා.

වට්ටක්කා රු 115 යි , බොංචි රු 350 , මේ සම්බන්ධයෙන් අපි එදා ඉදන්ම කිව්වා ඒකට කන් දුන්නේ නැ බලධාරින්.

පහත රට එලවළු හදන්න භාවිතා කරන යුරියා වැනි පොහොර තවම ලබා දිලා නැ.

බෝගයට අවශ්‍ය පොහොර ටික ලබා දිලා නැ , පොහොර ලබා දුන්නේ නැත්තම් , මැයි ජුනි වගේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා.

අද නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ගැනුම් තොග මිල බැලුවම  කැරට් රු 400 , ලික්ස් රු 220 , බිට්රුට් රු 270-300 , ගෝවා රු 170-200 , කැප්පටිපොල පැත්තේ බෝංචි රු 350 යි.

පොහොර නැති නිසා අස්වැන්න අඩුයි , අස්වැන්න අඩු නිසා එලවළු ආර්ථික මදධ්‍යස්ථාන වෙත එන්නේ නැ.

ඉල්ලුමට සරිලන එලවළු නැති නිසා තමයි එලවළු මිල ඉහල යමින් පවතින්නේ.

ආර්ථික මධ්‍යස්ථාන වලට එලවළු එන්නේ 40% යි , දැන්ම පොහොර දුන්නේ නැත්තම් , අප්‍රේල් වෙනකොට දැඩි එලවළු හිගයක් එනවා. යනුවෙන් පැවසිය.

 

No comments

Ads Place