Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තේ පොහොර මිටියක් හත්දහස් දෙසීයයි..ඒක ජනතාවට දරා ගන්න අමාරුයි..

ඉදිරි මාස තුන ඇතුළත රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීමට හෝ පොහොර මිල අඩු කිරීමට රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව වැවිලි අමාත්‍ය වෛද්‍ය...

ඉදිරි මාස තුන ඇතුළත රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීමට හෝ පොහොර මිල අඩු කිරීමට රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

සියළුම බලවේග ඒකරාශී කරගනිමින් නව වසරේ අලුත් ගමනක් යෑමට රජය සූදානම් බවද ඔහු සඳහන් කළා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්ටාර් ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වයෙන් සහ හබරකඩ කුඩුගල්පල කුඩා තේවතු සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් බටහේන ධර්මගවේෂි විහාරස්ථානයේ ඉදිකරනලද බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවේ ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ තවලම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, තවලම බටහිර ධර්මගවේශී විහාරයේ විහාරාධිපති සහ තවලම විද්‍යාජෝති ජාතික පාසලේ හිටපු විදුහල්පති මාවනානේ නන්දසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදිය.

මීට සමගාමීව කුඩාතේ වතු සංවර්ධන අධිකාරියේ ස්ටාර් ව්‍යාපෘතිය සහ ගාල්ල, නෙළුව මැදගම කුඩා තේවතු සංවර්ධන එක්ව ඉදිකිරීමට නියමිත තේ දළු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම හා ගාල්ල, ඕපාත ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ    අමු තේ දළු එකතු කිරීමේ හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.

මෙම ව්‍යාපෘතිය සඳහා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ස්ටාර් ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 134 ක මුදලක් වැයකර තිබේ.මෙමගින් අදළ ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 2500 දෙනෙකුට පමණ සේවය ලැබේ.

අමු තේ දළු එකතු කිරීමට අමතරව ජනතාවට මෙම මධ්‍යස්ථාන හරහා කුරුඳු, ගම්මිරිස්,පුවක්,කිතුල් පැණි සහ හකුරු ඇතුළු අනෙකුත් කෘෂි නිෂ්පාදන එකතු කිරීම මෙන්ම අළවි කිරීමටද අවස්ථාව ලැබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

මේ වනවිට ‍‍ලෝක වෙළඳපොලේ පොහොර පමණක් නෙවෙයි, ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති, ආහාර ද්‍රව්‍ය මේ සියල්ලේම මිල ඉහළ ගිහිල්ලා. ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා. කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා ලෝකයේ නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටිලා. මේ ප්‍රශ්න නිසා අපේ රටේ වගේම ලෝකයේත් භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා. ලෝකයේ කිසිම රජයක් කැමති නැහැ තමුන්ගේ පාලන කාලයේදී භාණ්ඩ මිල ඉහළ දමන්න, ජනතාව පෝලිම්වල රස්තියාදු කරන්න.

කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ ලෝකයේ බොහෝ රටවල මිනිසුන් මිය යද්දි, අද පේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා. මේ මාරාන්තික වයිරසයෙන් ජනතාව බේරා ගන්න ජනාධිපතිතුමා බොහොම ක්‍රියාශීලීව කටයුතු කළා. අන්න ඒ ගැන හිතල අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය මෙතනින් ඉදිරියට යන්නයි. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න මෙම වසරේදී වැවිලි කේෂ්ත්‍රයට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. සියළුම බලවේග ඒකරාශී කරගෙන මෙම වසරේදී අලුත් ගමනක් යන්න සූදානම්.

රසායනික පොහොර තහනම ඉතාම හොඳ චේතනාවෙන් කළ දෙයක් වුවත් තේ කර්මාන්තය ඇතුළු ඇතැම් කේෂ්ත්‍රවලට එය දරාගන්න බැරිවුණා. නමුත් මේ වනවිට රසායනික පොහොර ලැබෙමින් තිබෙනවා. නමුත් කිලෝ පනහක පොහොර මිටියක් රුපියල් හත්දහස් දෙසීයක් වෙනවා. ඒ මිල ජනතාවට දරාගන්න බැහැ. ක්ෂණිකව සහනයක් දෙන්න බැරිවුණත්, අපි ක්‍රමානුකූලව ඒ සඳහා සහනයක් ලබාදෙන්න රජය කටයුතු කරනවා. ඉදිරි මාස දෙකතුන ඇතුළත පොහොර සඳහා සහානාධාරයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම පොහොර මිල අඩු කරන්නත් අපි කටයුතු කරනවා.

විශේෂයෙන්ම තේ කර්මාන්තය මේ වනවිට දියුණු තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා2020 වසරේදී තේ නිෂ්පාදනය කි‍ලෝ මිලියන 279යි. නමුත් පොහොර අර්බුද තිබුණත් පසුගිය වසරේදී අපි තේ කිලෝ මිලියන 305ක් නිෂ්පාදනය කර තිබෙනවා. තේ වගාවේ උන්නතිය වෙනුවෙන් රජය ඉදිරි කාලයේදී විශේෂ වැඩ සටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා. නමුත් රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්දයෙන් ජනතාව දැනුවත් වෙලා නැහැ. වගාවන් සඳහා ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් බිලියන1.5වෙන් කළා. නමුත් ඒ මුදලින් සියයට පනහක මුදලක්වත් වියදම් වෙලා නැහැ. තේ වගාවේ සංවර්දනය වෙනුවෙන් ‍ලෝක බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ලැබෙනවා. ඒ මුදල රාජ්‍ය හා පුද්ගලික බැංකු හරහා ජනතාවට ලබාදෙන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම තේ වවන්න කැමැති ඕනෑම අයකුට තේ වගාකරන්න පහසුකම් සලසා දෙනවා. එහිදී තේ පැළ සහ කොම්පෝස්ට් පොහොර නොමිළයේ ලබාදෙනවා. මේ වනවිටත් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය වෙනවා.  ඒ වගේම උස් සෙවණ ශාඛ, මිටි සෙවණ ශාඛ, ඩොලමයිට් නොමිළයේ ලබාදෙනවා. රසායනික පොහොර වැඩිපුර දැම්ම කියල වැඩියෙන් අස්වැන්න ලැබෙන්නේ නැහැ. අපේ රටේ පැහැදිලිවම පොහොර අවභාවිතාවක් වෙලා තිබෙනවා. ඉතා ඉහළ අස්වැන්නක් ලබන්නනම් රසායනික පොහොර සමඟ කාබනික පොහොරත් වගාවට යෙදිය යුතුයි.

රජය සහනාධාර ලබාදෙන්නේ කාගෙවත් මුහුණු බලලා නෙවෙයි. සහනාධාරය ගන්න කෙනා කාගෙ පාක්ෂිකයෙක්ද කියල අපි බලන්නේ නැහැ. අපිට අවශ්‍ය රට සංවර්ධනය කිරීම පමණයි. එතනින් එහා අනිත් ඒවා අපිට වැඩක් නැහැ. ඉදිරි මාස හයක කාලයෙන් පසුව මේ දුෂ්කර සමය අවසන් වේවි. එතෙක් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ  කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ස්ටාර් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක, ජානක අමරසිංහ මහත්වරුන් හා පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

No comments

Ads Place