Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් ටැංකි බදු දෙද්දී ඉන්ධන පිරවුම් හල් විකුණලා..ගම්මන්පිල කියයි

එජාපය විසින් 2003 වසරේදී වසර 35කට ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99 ම ඉන්දියාවට බදු දුන් ගිවිසුම අත්සන් තබා මාස 6කට පසුව අවලංගු වූ බව ජනතා විමුක්ති...

එජාපය විසින් 2003 වසරේදී වසර 35කට ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99 ම ඉන්දියාවට බදු දුන් ගිවිසුම අත්සන් තබා මාස 6කට පසුව අවලංගු වූ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන නමුත් 2004 වර්ෂයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රි ධූර 39ක් සහ කැබිනට් අමාත්‍ය ධූර 4ක් දරමින් සිටි ඔවුන් ඉන්දියාව තෙල් ටැංකි සංකීර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු නොකළේ මන්දැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කර සිටියේය.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ දෙරණ වාදපිටිය වැඩසටහන හා එක් වෙමිනි.

එමෙන්ම එසේ ගිවිසුම අවලංගු වන බව පිළිගනී නම් 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා සහය පළ කරද්දී ත්‍රිකුණාමලය තෙල් ටැංකි වල අනවසරයෙන් රැඳී සිටින ඉන්දියාව ඉවත් කළයුතු බවට කොන්දේසියක් නොදැම්මේ ඇයිදැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ඒ කිසිත් නොකර ඉන්දියාව සන්තකයේ තෙල් ටැංකි දිරාපත් වීමට ඉඩ හැර නිහඬව සිටි ජනතා විමුක්ති පෙරමුණ අද එම ටැංකි වලින් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ දරද්දී එයට විරෝධය දැක්වීම ප්‍රශ්නකාරී බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

‍එමෙන්ම 2003දී තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන් බවත් ඒවා ඉන්දියාවේ බදු අයිතිය යටතේ පවතින බවත් 2017 දී අත්සන් කළ ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුමෙන් පිළි අරන් ඇති බව පෙන්වා දුන් බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් 100ක් ඉන්දියාවට විකුණා දැමීමට 2005 බලයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කළ බව සාක්ෂි සහිතව හෙළිදරව් කළේය.

බලශක්ති අමාත්‍යවරයා මෙම ලේඛන ඉදිරිපත් කිරීම නිසා සමගි ජන බලවේගය නියෝජනය කරමින් වැඩසටහන හා එක්වූ අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා බලවත් අසීරුතාවයකට ලක්වූ අතර තමා දැන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය නොකරන බව කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම සියලු ගනුදෙනු සිදුවන සමයේදී අශෝක් අබේසිංහ මහතා නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය බවයි.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා සහ රජය නියෝජනය කරමින් ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයා ද මෙම වැඩසටහන හා එක්විය.

 

No comments

Ads Place