Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර මිටියක් 9500යි..ගොවීන් එළවලු වගාව අත් හරිමින්..

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට ලබාදිම තුලින් පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් වි...

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට ලබාදිම තුලින් පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් විමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලබාදුන් කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර නුවරඑලියට ලැබුණේ නැති බවත්, එවන් තත්ත්වයක් මත නුවරඑලියේ සුළු පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් වි සිටි බවයි.

කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර යොදා ගනිමින් වගාවන් සිදු කල ගොවින්ට පමණක් වන්දි ලබාදිම සිදු කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මාධ්‍යට කල ප්‍රකාශය අසාධාරණ බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ.

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය රජය මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හරහා සහනදායි මිලට පොහොර ලබා දිය යුතු බවයි.

කිලෝ 50 ක රසායනික පොහොර මිටියක් මේ වන විට වෙලදපොලේ රු 9500 වැනි මිලකට අලෙවි වන අතර ,එවැනි අධික මිලකට රසායනික පොහොර මිල දි ගැනිමට හැකියාව තිබෙන්නේ මහ පරිමාණයෙන් එලවළු වගා කරන ගොවියාට පමණක් බවයි.

මේ මස (15) දින වන විට ඊලග කන්නයට නුවරඑලියේ එලවළු ගොවියා සුදානම් විය යුතු බවත්, ඉන් අනතුරුව මාස තුනකට පසු එහි එලවළු ඵලදාව ලබා ගැනිමට හැකියාව තිබෙන බවත්, ඒ සදහා අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය සහනදායි මිලට ගොවින්ට රජය මගින් ලබාදෙන්නේ නම් ඉදිරි මාස කිහිපය තුල ඇති විය හැකි දැඩි එලවළු හිගය අවමකරගත හැකි බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.

 

No comments

Ads Place