Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 64 ක් ඖෂධ නිෂ්පාදනාගාරයකට..

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය සඳහා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය යතාර්ථයක් කරමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සි...

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය සඳහා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය යතාර්ථයක් කරමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකරනු ලබන ඖෂධ නිෂ්පාදනාගාරය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් ඉඩම් කොටසක් ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරි ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

විදේශ රටවලින් වැඩිමිලට ගෙන්වනු ලබන පිළිකා නාශක ඖෂධ, සාමාන්‍ය පෙති හා කරල් සහ විකලාංග උපාංග ඖෂධ වර්ග තුන මෙහි නිෂ්පාදනය කිරීමට නියමිතය. එමගින් ඖෂධ ආනයනයේදී විදේශයන් වෙත ඇදී යන විශාල මුදල් කන්දරාව රට තුළ ඉතිරි කර ගැනීමටත්, ජනතාවට පෙර ඇණවුමකින් තොරව ඖෂධ ලබාගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම ඖෂධ කර්මාන්ත ශාලා ඉදිකිරීම මගින් රාජ්‍ය අංශයට අවශ්‍ය සම්පූර්ණ ඖෂධ ප‍්‍රමාණය සැපයීම, පෞද්ගලික අංශයට අවශ්‍ය ඖෂධ සැපයීම සහ විවෘත වෙළෙඳපොලට අවශ්‍ය ඖෂධ සැපයීම කඩිනම් කිරීම අරමුුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ මිල්ලෑව වත්තේ, අක්කර 64 පර්. 14.6 ක භූමි ප‍්‍රමාණයක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මෙම ඖෂධ නිෂ්පාදන ව්‍යාපෘතිය ඉදිකරනු ලබයි.

පිළිකා ඖෂධ සහ විකලාංග ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 02 හි නිෂ්පාදන ක‍්‍රියාවලිය පළමුව ආරම්භ කිරීමට නියමිතව ඇත. 2022 ජූනි මාසයේ දී මෙම ඖෂධ නිෂ්පාදන ඉදිකිරීමේ කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ කෙරෙත අතර 2023 වසර තුළ ඉදිකිරීම් අවසන් කර 2024 වසරේ සිට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති උත්පල ඉන්ද්‍රවංස මහතා විසින් ගිවිසුම අත්සන් කළ අතර එම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර යන මහතවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

No comments

Ads Place