Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මධ්‍යම අධිවේගය යහපාලනේ අපේ වැඩක්..මෙයාල හැදුවේ කිලෝමීටර් 4යි..

කිලෝමීටර් 41න් යුත් මාර්ගයේ කිලෝමීටර් 37ක් අපේ කාලයේදී අවසන් කරන්න පුළුවන් වුනා .වත්මන් රජය ඉතිරි වුන කිලෝමීටර් 4ක හදන්න අවුරුදු දෙකහමාරක් ක...

කිලෝමීටර් 41න් යුත් මාර්ගයේ කිලෝමීටර් 37ක් අපේ කාලයේදී අවසන් කරන්න පුළුවන් වුනා .වත්මන් රජය ඉතිරි වුන කිලෝමීටර් 4ක හදන්න අවුරුදු දෙකහමාරක් කාලය ගත්තා .ඒ කෙසේ වෙතත් මම ලජ්ජා වෙනවා මාර්ගයේ කිලෝමීටර් 41න් 4ක් හදලා උත්සවාකාරයෙන් විවෘත කළත් කිලෝමීටර් 37ක් හදපු අයව අමතක කිරීම ලජ්ජා සහගතයි’

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කර සිටියේය .

ඇත්ත වශයෙන්ම 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වෙනකොට කඩවත-ගලගෙදර අධිවේගී මාර්ගය සකස් කිරීම සදහා එකම බිම් අගලක් වත් මැනලා තිබුනේ නැ .අපි බලයට පත් වුනාට පස්සේ අපි කඩවත සිට ගලගෙදර දක්වා කොටස් 3කින් යුත් අධිවේගී මාර්ගයක් සැලසුම් කෙරුවා .කඩවත් සිට ගලගෙදරට ඉඩම් කැබලි 20000ක් මැන්නා .පසුව ඒවා පවරාගෙන ,ඉඩම් හිමියන් සමග සාකච්චා කරලා වන්දි මුදල් ලබා දුන්නා . ඉතා අසීරු කාර්යක් වුනත් අපි එම කටයුත්ත නිසි අකාරයෙන් කළා .පස්සේ පාර හදන්නේ කොහොමද කියලා සාකච්චා කරන කොට මම කිව්වා පොදුජන එකසත් පෙරමුණ ආණ්ඩුව හැමදාම පාරවල් හැදීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව දුන්නේ චීන සමාගම් වලට , නමුත් අපි කිව්වා මේ මාර්ගයේ ප්‍රදාන කොන්ත්‍රාත්තුව දේශීය සමාගම් වලට දෙමු කියලා . ඒ අනුව අපි මීරිගම – කුරුණෑගල අධිවේගී මාරගයේ කොන්ත්‍රාත්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය සමාගම් වලට ලබා දුන්නා . 2018 කුමන්ත්රනකාරිව යහපාලන රජය විසුරුවා හරියේ නැති නම් අපි මේ මාර්ගයේ වැඩ අවසන් කරන්න තිබුනා .

කිලෝමීටර් 41න යුත් මාර්ගයේ කිලෝමීටර් 37ක් අපේ කාලයේදී අවසන් කරන්න පුළුවන් වුනා .වත්මන් රජය ඉතිරි වුන කිලෝමීටර් 4ක හදන්න අවුරුදු දෙකහමාරක් කාලය ගත්තා .මෙච්චර ප්‍රමාද වුනේ ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසයි.ඒ කෙසේ වෙතත් මම ලජ්ජා වෙනවා මාර්ගයේ කිලෝමීටර් 41න් 4ක් හදලා උත්සවාකාරයෙන් විවෘත කළා නමුත් කිලෝමීටර් 37ක් හදපු අයව අමතක කරළා . අද ආණ්ඩුවට පෙන්වන්න දෙයක් නැ .අපි ආරම්භ කරපු දේවල් විවෘත කර කර යනවා.පෙරේදා මහනුවර නගරයේ ටෝම්ලින් පාර්ක් එක,වන්දනා කරුවන්ට විවේක ගන්න අපි ගොඩනැගිල්ලක් හැදුවා දළදා මාලිගාව ලග මගේ ඉල්ලීමට චම්පික ඇමතිතුමා තමයි හැදුවේ ,මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරේදා එක විවෘත කළා .මම ආරම්භ කරපු කැළණි පාළම මේ ය විවුර්ත කෙරුවා .දැන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 41න කිලෝමීටර් 4ක් හදලා තමන්ගේ වැඩක් වගේ ප්‍රදර්ශනය කිරීම ලජ්ජා සහගත වැඩක් .ආණ්ඩුව පසුගිය වසර 2ක අසාර්ථකයි .කිසිම පොරොන්දුවක් ඉටු කරන ගන්න බැරි වුනා .

මහාමාර්ග ඇමතිතුමා එදා රැස්වීමේදී ගසාකෑම් ගැන කතාකරලා තිබුනා මම කියන්න කැමතියි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ වාර්තාවේ පැහැදිලිවම සදහන් වෙලා තියනවා මීරිගම-කුරුණෑගල මාර්ගයේ සම්බන්දයෙන් කිසිම අක්ක්‍රමිකතාවක් නැති බවට සදහන් කරලා තියන බව මම ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට මතක් කරන්න කැමතියි.මම එතුමාට අභියෝග කරනවා කෝප් වාර්තාව අනුසාරයෙන් කතා කරන්න කියලා .මම විශේෂයෙන්ම කියන්න ඕනේ 2014 මහින්ද රාජපක්ෂ මතිතුමා මධ්‍යම අධිවේගය හදනවා කියලා හැම තැනම මුල්ගල් තිබ්බා.නමුත් මුල්ගල් තියන කොට කිසිම බිම් අගලක් වත් මනාල තිබුනේ නැ .ඒ මුල්ගල් තිබ්බ ඉඩම් වලටත් වන්දි ගෙව්වේ යහපාලන රජයයි.

දකුණු අධිවේගී මාර්ගය හැදුවට කුළුණු මත හැදුවේ නැ එකයි වැස්ස ගමන් යට වෙන්නේ .නමුත් මීරිගම කුරුණෑගල කොටසේ 30% කුළුණු මත හැදුවේ වියදම වැඩි වුනත් හරියට කළා .වැඩිපුර සතයක් වත් නිකන් ගෙව්වේ නැ කොන්ත්‍රාක් කරුවන්ට .දේශීයත්වය ගැන කතා කලාට 2015 පෙර සියලු කොන්ත්‍රක් දුන්නේ චීනෙට ,අපි තමයි රටේ සමාගම් වලට ඉදිකිරීම් දුන්නේ, ඒ විතරක් නෙවේ අපේ මුදල් වලින් මේ මාර්ගය හැදුවේ.අපි අපේ රජයේ අදායම වැඩි කර ගත්තා අපිට මුදල් තිබ්බ නිසා එවකට හිටපු මුදල් ඇමතිතුමා අපිට සල්ලි දුන්නා .මම 2020 ජනවාරි 20 අගමැතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මීරිගම කුරුණෑගල මාර්ගය අවසන් කරන්නේ කවදාද කියලා එතුමා කිව්වා වසර අවසානයේ හදලා ඉවරකරනවා කියලා නමුත් කර ගන්න බැරි වුනා.මොකද වත්මන් රජයට සල්ලි නැ .

මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුක ස්වාමින් වහන්සේලා 100 නමක් වැඩම කළා 2019දී අධිවේගී මාර්ගය සියසින් දැක බලා ගන්න . ජොන්ස්ටන් ඇමතිතුමා කිව්වා මම මහනායක ස්වාමින් වහන්සේලාට බොරු කිව්වා කියලා .බොරු කියන්න දෙයක් නැ මම ස්වාමින් වහන්සේලාට මාර්ගය සිසින් දැකගන්න අවස්තාව දුන්නා මොක 90% වැඩ අවසන් වෙලා තිබුනේ . 2018 අගමැති අර්බුදයත් සමග අපිව අස් කෙරුවේ නැත්තම් අපි මාර්ගයේ වැඩ අවසන් කරනවා .

දයා ගමගේ බාර ගත්ත කිලෝමීටර් 4 හැදුවේ නැ මම එක පිලිගන්නවා .මම විටින් විටින් කිව්වා මේක ඉක්මන් කරන්න කියල .නමුත් තුට්ටුවකට ගණන් ගත්තේ නැ .එයා හරියට වැඩ කළා නම් අපි මාර්ගය හදන්න තිබුනා .සල්ලි අරගෙන පාර හැදුවේ නැ නමුත් අපි අත්සන් කරපු ගිවිසුම අනුව කිලෝමීටර් 10 කට නායකයෙක් හිටියා , ඒ නායකයා තමන් යටතේ ඉන්න සමාගමක් වැඩ කටයුතු කලේ නැත්තම් නායකයා මැදිහත් වෙලා වැඩ අවසන් කරන්න ඕනේ ඒ අනුව තමයි මේ කිලෝමීටර් 4 ත් වැඩ කටයුතු වුනේ මම දන්නා තරමට රජයට පාඩුවක් වුනේ නැ .

මේ මාර්ගයේ කිලෝමීටරයකට යන වියදම දකුණු අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට වඩා අඩුයි.දේශපාලන කතා වේදිකාවේ කිව්වට කෝප් වාර්තාවේ සදහන් පරිදි මීරිගම කුරුණෑගල මාර්ගයේ කිසිම වංචාවක් නැ .

අද අපේ ඉඩම් එකින් එක විකුනනවා , අද රාජාසන කතාවේ ඉදිරි අවුරුදු 3 රට පාලනය කරන විදිය වචනයක් වත් කිව්වේ නැ .ජිවන වියදම , නය ගෙවීම් , මේවා ගැන කිසිම වචනයක් කිව්වේ නැ . සැලස්ස්මක් නැ මේ ආණ්ඩුවට .එදාවේල ටුවර්ස් වගේ තමයි මේ ආණ්ඩුව .අපේ ජනතාව ජිවත් කරවන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා ලැජ්ජයි . අපි කීප සැරයක් ඇහුවා රටේ නය ගෙවන්නේ කොහොමද ? නමුත් ආණ්ඩුවට තවමත් මේවාට උත්තර නැ .

මම රජයට කියන්නේ ඉදිරි අවුරුදු 3 ගැන නෙවේ ඉදිරි සති 3 ජනතාවට සහන ලබා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න . මේ රජයට කිසිම සැලැස්මක් නැ අපේ ආර්ථිකය මෙහෙයවන්නේ හර්ෂ,එරාන් වගේ අය .නමුත් මේ අයගේ කවුද ඉන්නේ.ඒ නිසයි කැබිනට් මණ්ඩල සංශෝධනය කලේ නැත්තේ මොකද කුට්ටම කොහොම ඇනුවත් මතු වෙන්නේ ජෝකර්ලා .

 

No comments

Ads Place