Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 30යි..ඉන්ධන මිල තව වැඩි කල යුතුයි

මෙරට අලෙවි කරන ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ලෝක වෙඳපොලේ මේ වන බොරතෙල් බැරලයක් ඩ...

මෙරට අලෙවි කරන ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ලෝක වෙඳපොලේ මේ වන බොරතෙල් බැරලයක් ඩොලර් 89 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම අගය බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500 ක් මසකට වැය කරන අතර එය ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායමෙන් තුනෙන් දෙකක් පමණ වේ.

ඒ අනුව මෙහි ඇති බරපතල තත්ත්වය තේරුම් ගත් සමස්ත ජනතාවම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙතෙක් ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මේ අතර පෙබරවාරි මාසය වන විට ශීත සෘතුව එළඹීමත් සමග ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් බොරතෙල් බැරලයක් ඩොලර් 100 ආසන්න වනු ඇති බවට පුරෝකතන ඉදිරිපත් වී ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද ඉතා දැඩිව බලපානු ඇති අතර ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් තෙල් සංස්ථාව අසීමිත ලෙස පාඩු ලැබිය හැකි අවදානමක් මතුව තිබේ.

 

No comments

Ads Place