Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

3%ට බිත්තර ගහන 2.50 වැඩ මගේ ගාව නෑ..

අනෙකුත් දේශපාලකයින්ට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරිමට තමන් සම්බන්ධ නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඊයේ (30) ගම්පහ...

අනෙකුත් දේශපාලකයින්ට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරිමට තමන් සම්බන්ධ නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඊයේ (30) ගම්පහ දි ජාතික ජන බලවේගයේ රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල විමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනයට ගම්පහ දි බිත්තරවලින් පහරදීමේ සිද්ධියට ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධ බවට පැතිර යන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කලේ සියයට තුනක් වැනි ඡන්ද ප්‍රතිශතයක් හිමි ජනතා විමුක්ති පෙරමුණට බිත්තර ගසා නැති ප්‍රසිද්ධියක් හෝ ජනතා ප්‍රසාදයක් අත් කර දීමට තරම් තමා ප්‍රාථමික දේශපාලනඥයෙකු නොවන බවයි.

සිය කීර්ති නාමයට හානිකර අන්දමේ ප්‍රචාරණයක් ගෙන දුන් අදාල සිදුවිම සම්බන්ධයෙන් අපක්ෂපාතී විදිමත් පරික්ෂණයක් සිදුකර, සිද්ධියට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන ඔවුන් මෙහෙයවූයේ කවුදැයි රට හමුවේ හෙළිකළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ මතය සිය සාමාජිකයින් සමග පැවසීම සඳහා අයිතියක් ඇති බවද සදහන් ඇමැතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ උගත් බුද්ධිමත්, ප්‍රජාත්නත්‍රවාදයට ගරු කරන ජනතාව මෙවැනි ක්‍රියා ප්‍රතික්ෂේප කරනබව තමන් හොදාකාරවම දන්නා බවද සඳහන් කළේය.

 

No comments

Ads Place