Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තාප විදුලිය උපරිම ආවත් 25%ක විදුලි හිගයක්

පවතින වියළි කාලගුණය මත ජල විදුලි නිෂ්පාදනය නුදුරේදීම 5% දක්වා අඩු වී යනු ඇති බවට විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. තාප බලාගාර විස...

පවතින වියළි කාලගුණය මත ජල විදුලි නිෂ්පාදනය නුදුරේදීම 5% දක්වා අඩු වී යනු ඇති බවට විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

තාප බලාගාර විසින් පූර්ණ ධාරිතාවෙන් විදුලි නිෂ්පාදනය කළ ද එය ප්‍රමාණවත් වන්නේ රටේ අවශ්‍යතාවයෙන් 70%කට පමණක් බව සංගමය පෙන්වාදෙයි.

ඉතිරි 30%ක ප්‍රමාණය ජල විදුලිය, සූර්ය සහ සුළං බලාගාර වලින් ලබා ගත යුතු බවත් සංයමය කියා සිටී.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල මට්ටම ජල මට්ටම් විශාල ලෙස පහත වැටෙමින් පවතින නිසා ජල විදුලි නිෂ්පාදනය නුදුරේදීම 5% දක්වා අඩු වනු ඇති බවත් එවන් තත්ත්වයකදී ඉන්ධන හා ගල් අඟුරු කොපමණ තිබුණද විදුලිය කප්පාදු කිරීම අනිවාර්යයෙන් සිදු වන බවත් සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මහතා සඳහන් කළේය.

 

No comments

Ads Place