Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන නැතිව 25 වෙනිදායින් පසු විදුලිය අඛණ්ඩව දෙනවා

ඉන්ධන නැති වුවද එළඹෙන 25 වැනිදායින් පසුව විදුලිය විසන්ධි කිරීමකින් තොරව ලබා දීමට හැකියාව ඇතැයි විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි....

ඉන්ධන නැති වුවද එළඹෙන 25 වැනිදායින් පසුව විදුලිය විසන්ධි කිරීමකින් තොරව ලබා දීමට හැකියාව ඇතැයි විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයද විදුලි ජනන කටයුතු 25 වනදා වන විට ආරම්භකිරීමට හැකිවනු ඇති බවයි.

එම ජනන යන්ත්‍රය මේ වන විට නඩත්තු කටයුත්තක් සිදුකරමින් ඇති බවද හේතුවෙන් දැනට දැනට දිනකට දැවි තෙල් 1500ක් පමණ අවශ්‍ය වන බව ද වන ඔහු පැවසීය.

නමුත් තෙල් සංස්ථාව ද අර්බුදයට පත්ව තිබෙන නිසා යම් ගැටලුකාරී තත්වයක් මතු වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මෙම විසිපස් වන දා දක්වා ද කිසිදු විසන්ධි කිරීමකින් තොරව විදුලිය ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place