Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති මහින්දානන්ද රජයේ ඉඩම් අක්කර 100ක් බෙදයි

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නාවලපිටිය බෝහිල් වත්තේ අක්කර 100 ක් එම වතු යායේ තරුණයන් 100 දෙනෙකුට බෙදාදිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්...

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නාවලපිටිය බෝහිල් වත්තේ අක්කර 100 ක් එම වතු යායේ තරුණයන් 100 දෙනෙකුට බෙදාදිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කරනු ලැබුහ.

එම අක්කර 100ක ඉඩම තුල කාබනික පොහොර භාවිතා කරමින් කහ , පලතුරු සහ ගොටුකොළ ඇතුළු යටි වගාවන් සිදු කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

නාවලපිටිය බෝහිල් වතුයායේ මුඩු ඉඩම් වලින් ලබාදුන් අක්කර 100 තුලින් යටි වගාවන් සිදු කර එම වතු යායේ තරුණයන්ට ඉදිරියේදි විශාල අදායමක් උපයා ගැනිමට හැක.

එම ඉඩම් වල වගා කරන සියළුම බෝග වර්ග සදහා තාක්ෂණ දැනුම ඇතුළු සියළුම උපදෙස් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් ලබාදිමට නියමිතය.

No comments

Ads Place