Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ම...

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.

එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි

 

No comments

Ads Place