Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අප්‍රේල් වන විට කන්නවත් නැති වෙනවා- මෙත්තිකා විතානගේ

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් ඇතිවනු ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය...

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් ඇතිවනු ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවයි.

මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කල යුතුව ඇතත් ඊට අවශ්‍ය පොහොර ලබාදීමට මෙතෙක් රජය පියවර ගෙන නැතැයි ද ඇය පවසයි.

කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇය කියා සිටී.

මහ කන්නය යනු මෙරට වැදගත්ම හා වැඩිම අස්වැන්නක් හිමි කන්නය බවත් එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ නිසා ආහාර හිගයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

 

No comments

Ads Place