Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භූමිතෙල් ලිප් ගිණි ගානට විකුණයි..

ගැස් ලිප් පුපුරා යාමත් සමග මේ වන විට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල භුමිතෙල් උදුන් මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ වන විට රට තුල සිදුවන ගැස් ලිප් ...

ගැස් ලිප් පුපුරා යාමත් සමග මේ වන විට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල භුමිතෙල් උදුන් මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මේ වන විට රට තුල සිදුවන ගැස් ලිප් පුපුරා යාමත් සමග බොහෝ පිරිසක් ගැස් ලිප් බාවිතයෙන් ඉවත්ව දර හා භුමිතෙල් ලිප් සදහා යොමුව ඇති අතර එයින්ද වැඩි පිරිසක් භුමිතෙල් ලිප් බාවිතයට ගැනිමට පෙලබ ඇත.

මෙසේ භුමි තෙල් ලිප් ගැනිම සදහා වැඩි පිරිසක් යොමු විමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම භුමි තෙල් ලිප් මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති.

රුපියල් 2200ත් 3500ත් අතර මිලකට පසු ගිය දිනවල අලෙවි කල භුමි තෙල් ලිප් ගැස් ලිප් පුපුරා යාමත් සමග රුපියල් 7000ත් 9000ත් අතර දක්වා ඉහල මිලකට මේ වන විට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් කබලෙන් ලිපට වැටෙන තත්වයන්ට පත්ව ඇති බවත් එම පිරිස් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු භුමිතෙල් ලිප් අලෙවි කරන වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ ගැස් ලිප් පුපුරා යාමත් සමග භුමි තෙල් ලිප් තොග අලෙවි කරුවන් එම ලිප්වල මිල ඉහල දැමිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්.

 

No comments

Ads Place