Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උත්සව සමයට එළවළු නෑ..නුවරඑළියෙන් අනතුරු අගවයි..

එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙ...

එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවයි.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ

‘එලවළු සැපයුමේ අඩුවක් තියෙනවා, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට කදපොල සිතාඑලිය අඹේවෙල ප්‍රදේශවලින් එන එලවළු 60% පමණ අඩු වෙලා තියෙනවා.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එලවළු 20% පමණ ලැබිලා තියෙන්නේ.දඹුල්ලට 15% පමණ , මැනිං මාකට් එකට 25% පමණ ලැබිලා තියෙන්නේ.

මාස ගණනකට කලින් මම කිව්වා එලවළු හිගයක් එනවා කියලා , ඒකට කවුරුත් හේතුව මොකක්ද කියලා විමසුවේ නැ.

උත්සව සමය අමාරුවෙන් තමයි සමරන්න වෙන්නේ , කැරට් කිලෝවක් රු 400 , ලික්ස් රු 300 ,ගෝවා රු 350  ඉතිහාසේ මේ විදිහට එලවළු මිල ඉහල ගිහින් නැ

තක්කාලි රු 350 , බෝංචි රු 350 ,අමු මිරිස් රු 650 , රජය  රසායනික පොහොර ගෙන්විම නතර කල නිසා තමයි මේ විදිහට එලවළු මිල ඉහල ගිහින් තියෙන්නේ.

තව මාස 6ක් 7ක් යනකොට වඩා අර්බුධයකට මුහුණ පාන්න වෙනවා.

එලවළු පැලයකින් ඵලදාව ගන්න මාස 4 පමණ යනවා,රසායනික පොහොර නොමැති විම නිසා අප්‍රේල් මස කියලා විශේෂයක් නැ ජුනි ජුලි වෙනකම් එලවළු හිගයක් පවතිනවා.

අපි අවුරදු ගණනාවක් වගා කරපු අය ,කාබනික වගාව අද අසාර්ථක වෙලා තියෙනවා.කාබනික වගාව සම්බන්ධයෙන් ගොවින් දැනුවත් කරලා නැ

රජය පොරොන්දු වුනා ඉක්මනින් රසායනික පොහොර සහ රසයනික ද්‍රව්‍ය දෙනවා කියලා.

දැන් කියනවා අප්‍රේල් මස වෙනකම් පොහොර එන්නේ නැ කියලා.

මේකට රජය විසදුමක් දුන්නේ නැත්තම්, ජනවාරි වන විට පොහොර දුන්නේ නැත්තම් ලොකු අර්බුධයකට රට යනවා.

ගොවින්ගේ ආර්ථිකය කඩා වැටිලා , නුවරඑලියේ ව්‍යාපාර 99% පවතින්නේ එලවළු ව්‍යාපරයෙන්. ඒක සැම ක්ෂේත්‍රයකට බලපානවා.

රජය කඩනමින් පොහොර ලබාදුන්නේ නැත්තම් මේ අර්බුදය විශාල අර්බුදයක් වෙනවා’

මේ අතර එලවළු වෙදාමට විශාල මුදලක් වැය කිරිමට සිදු වන බවත්,එලවළු වෙලදාමෙන් තමන් පාඩු ලබන නිසා එලවළු වෙදාමෙන් ඉවත් විමට සිදු වි ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු ගොවින් කියා සිටියි.

 

No comments

Ads Place