Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ මහතා අද (07) දින පත්කර තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශය...

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ මහතා අද (07) දින පත්කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ එම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය දැරුවේය

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් විකුම් ලියනගේ එම ධූරයට පත්කෙරිණි

 

No comments

Ads Place