Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔමික්‍රොන්ට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබ ආරංචියක්

දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් එන්නත් මගින් ඔමික්‍රොන් නව ප්‍රභේදයට එරෙහිව තවමත් සාර්ථක ආරක්ෂාවක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක ...

දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් එන්නත් මගින් ඔමික්‍රොන් නව ප්‍රභේදයට එරෙහිව තවමත් සාර්ථක ආරක්ෂාවක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් අවධාරණය කර ඇත්තේ, අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එන්නත මඟහැරයාමේ විශේෂ හැකියාවක් ඔමික්‍රොන් ප්‍රභේදය සතු බවට පැහැදිලි සාක්ෂි හමුවී නොමැති බවය.

එහෙත් ඔමික්‍රොන් නව ප්‍රභේදය මගින් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත අර්ධ වශයෙන් මඟහැරයා හැකි බවට දකුණු අප්‍රිකාව පසුගියදා සිදුකළ සායනික පරික්ෂාවකින් අනාවරණය වූ බව පසුගියදා වාර්තා වුණි. 

එම පර්යේෂණය මගින් හඳුනාගෙන ඇත්තේ නව ප්‍රභේදය මගින් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය සීමාකරන බවය.

ඉන් එන්නතේ ආරක්ෂාව 40%කින් අවම කරන බවද දකුණු අප්‍රිකානු පර්යේෂකයින් පැවසීය.

මෙවන් පසුබිමක ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට ක්‍රමයෙන් ඉහළයමින් පවතී.

ඒ, ඔමික්‍රොන් නව ප්‍රභේදය ව්‍යාප්තවීමේ දැඩි අවදානම හමුවේ යුරෝපා කලාපීය කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනන ඉහළයාමක්ද පැවතියදීය.

වෛරස අවදානම අවම කිරීම සඳහා යුරෝපා රටවල් රැසක් නව සීමා හඳුන්වාදෙමින් සිටිති.

මෙසේ නව සීමා හඳුන්වාදුන් රටවල් අතරට නෝර්වේ, පෝලන්තය, ස්වීඩනය අයත්ය.

නව සීමා යටතේ ගෘහස්ථ ස්ථානයකට එක්වර එක්විය හැකි පිරිස 10කට සීමා කිරීමට නෝර්වේ රාජ්‍යය කටයුතු කළේය.

එමෙන්ම ඉදිරි සති 4ක කාලයේ එරට අවන්හල් සහ සුරාසැල් විවෘතව තබන කාලයද සීමාකිරීමට මෙහිදී පියවර ගෙන තිබුණි.

මේ අතර ලබන 15වැනිදා සිට පොදු ස්ථානවල ඒකරාශි විය හැකි පිරිස 30% දක්වා සීමා කිරීමට පෝලන්තය තීරණය කළාළේය.

එමෙන්ම වෙළෙඳසැල්වලට ඇතුළුවීමේදී එන්නත් ලබාගත් බවට සහතිකයක් ඉදිරිපත්කිරීමද අනිවාර්ය කර තිබුණි.

මේ අතර මුඛ ආවරණ භාවිතය දිරිමත්කිරීමටත්, සමාජ දුරස්ථකරණ සීමා නැවතත් හදුන්වාදීමටත් ස්වීඩනය පියවර ගත්තේය.

රටතුළ ආසාදිතයින් කැපීපෙනෙන ලෙස ඉහළයාම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන තිබුණි.

සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති නත්තල් සාදයකින් කොවිඩ් පොකුරක් ආරම්භවීමේ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තාවුණි.

සාදය සඳහා එක්වූ 170ක පමණ පිරිසෙන් 70දෙනෙකු ආසාදිත වී ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් ආසාදිත සෞඛ්‍ය සේවකයින් සියලූමදෙනා පූර්ණ වශයෙන් කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය වන අතර ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වන බවද සඳහන්ය.

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය එක්සත් රාජධානිය තුළ සමාජ සම්ප්‍රේෂණය අවස්ථාව දක්වා පැමිණ ඇතැයි එරට සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් ඊයේ තහවුරු කර තිබේ.

කොවිඩ් අවදානම හමුවේ රටට දැඩි සමාජ දුරස්ථකරණ සීමා පනවා තිබියදී බ්‍රිතාන්‍ය අගමැති කාර්යාල සේවකයින් පැවැත්වූ බවට සඳහන් සාදයක් පිළිබඳ කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම සාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අගමැති මාධ්‍ය ලේකම්වරියගෙන් ප්‍රශ්නකර ඇති අතර එහිදී සමාජ දුරස්ථකරණයෙන් තොර සාදයක් පැවැති බව ඇය පිළිගෙන තිබුණි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කර ඇත්තේ එවන් කිසිදු සාදයක් නොපැවැත්වුණු බවය.

ගෙවුණු දිනයේදී ලොව වැඩිම ආසාදිතයින් හා මරණ අමෙරිකාවෙන් වාර්තාවී තිබුණි.

එහිදී ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ගිය අතර මරණ ගණන දැක්වුණේ 1,671ක් ලෙසිනි.

 

No comments

Ads Place