Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවකයන් අද විරෝධතා

රාජ්‍ය සේවක වැටුප් දහදාහක් ඉහළ දමනු, රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කිරීමේ යෝජනාව හකුලා ගනු, රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස ක...

රාජ්‍ය සේවක වැටුප් දහදාහක් ඉහළ දමනු, රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කිරීමේ යෝජනාව හකුලා ගනු, රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස කළ ආණ්ඩුවේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බදින වැටබඳින චක්‍රලේඛන අහෝසි කරනු’ යන ප්‍රධාන ඉල්ලිම් හතරක් මූලික කර ගනිමින්, 2021.12.08 දින වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘතිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසා සිටි.

2022 අයවැය යෝජනා ඉදිරිපත්කිරිමෙන් අණතුරුව රාජ්‍ය සේවක වැටුප් ජිවන බරට සාපෙක්ෂව වැඩිකල යුතු බවට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එසේ නොකිරිම නිසා පසුගිය 29 දින කෑම පැයේ උද්ගොෂණයකට රාජ්‍ය සේවකයින් යොමු වු අතර මේ කිසිවක් ඉල්ලිමක් සදහා නම්‍ය ශිලිබවක් රජය නොදැකිවීම නිසා 8 වෙනිදා ලංකාව පුරා සියලු රාජ්‍ය සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරණ බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය.යේ ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක. මහතාගේ අත්සනින් යුතු ලිපියක් ජනපතිවරයාට පසුගිය 30 යොමුකලද කිසිදු ධනාත්මක ප්‍රථිචරයක් නැති බැවින් සමස්ත රටේම, සියලුම රාජ්‍ය ආයතන වල, එක්දින නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයට අවතීර්ණය වනබවත් එයට සමගාමීව ප.ව. 12.00 ට පාර්ලිමේන්තු වට රවරවුමේදී විරෝධතාවය සහ උත්ඝෝෂණය පැවැත්වේන බවද ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසා සිටියි.

මෙම එක්දින උද්ගොෂණ වෘතිය ක්‍රියාමාර්ගය පිලිබදව නොසලකා කටයතු කරන්නේනම් රටේම සියලු වෘතිය සමිති එක්ව අඛන්ඩ වැඩ වැරුමකට හෝ යොමුවනබවද ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය. පවසා සිටි .

මේ පිලිබදව දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැන්වත් කිරිම වෙනුවෙන්ද ලිපියක් ලියන එම සංවිධානය මෙරට , අදුරදර්ශි දේශපාලකයන් ගේ හා ඔවුනට උපදෙස් හා මග පෙන්වීම් සිදුකරන බොහෝ ඉහල නිලධාරීන් පැලැන්තියක ක්‍රියාකලාපයන් හේතුවෙන් ආර්ථික ,සමාජීය ,දේශපාලනික,මෙන්ම මානුෂික ගුනදර්ම තුළින් පවා පිරිහී ඇති රටක ඉතා පීඩාකාරී ලෙස ජීවත් වන ජනසමාජයේ කොටස් කරුවන් වන අපද රාජ්‍ය සේවකයන් ලෙස අපද තීරනාත්මක කාල පරිච්ඡේදයක් පසුකරමින් සිට්යි.විවිද ගැටලු මැද රාජ්‍ය සේවකයන් ගේ අභිමානය හා අයීතීන් දිනාගැනීම උදෙසා ,රාජ්‍ය සේවකයන් ලෙස විවිධ වෘත්තීය සංගම් ගනනාවක් එක්ව ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ග වල මීලග අදියර 8 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වැඩපිළිවෙළ සදහාද දේශපාලන පක්ෂ ,පාට ,ජාති ,ආගම්,බේදයකින් තොරව රාජ්‍ය නිලධාරී සියලු දෙනාගේ සහය ලබා දෙනමෙන් ඉල්ලා සිටියි

එසේම රාජ්‍ය සේවක කප්පාදුවක් පිලිබදව කතා කරණ මහ බැංකු අධිපතිවරයා එසේ කියන්නේ රේදි ඇදගෙනද යන්න විමසන ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බස්නායක මහතා කිසිදු හිරිකිතක් නැතිව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම වැටුප් දෙකක් ගන්නා ගමන් ජිවන වියදම දරාගත නොහැකිව අසරණ වෙන රාජ්‍ය නිලධාරින් විශ්‍රාම වැටුපත් නැතිකරන්න කතාකිරිම ලැජ්ජා නැතිවැඩක්බව පවසයි

 

No comments

Ads Place