Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතු කම්කරුවන්ට ආහාර සලාකයක්..

රටේ ඉහල යන ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ට සහනදායි මිලට සතොස හරහා ආහාර ද්‍රව්‍ය ලබාදිමට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කි...

රටේ ඉහල යන ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ට සහනදායි මිලට සතොස හරහා ආහාර ද්‍රව්‍ය ලබාදිමට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කර ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා ඒ බැව් (23) දින කියා සිටියේ කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වු මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකාවට ආසන්නතම රට ඉන්දියාව බවත්, ඉන්දියාවේ ඉන්ධන මිල මිට වඩා ඉහල අගයක් ගන්නා බවයි.

කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම හමුවේ වත්මන් රජය රටේ ජනතාව වෛරසයෙන් ආරක්ෂා කර ගැනිමට විශාල වැඩපිලිවෙලක් දියත් කල බවත්, එවන් වැඩපිලිවෙලක් යටතේ රටේ සංවර්ධනය සිදු කල බවයි.

ජිවන වියදම ඉහල යාම තාවකාලික දෙයක් බවත්,විපක්ෂය පවසන ආකාරයට රටේ විශාල ආර්ථික අර්බුධයක් නොමැති බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා පැවසිය.

රජය මගින් වතු කම්කරුවන්ට වැඩිකල රු 1000 දෛනික වැටුප නොගෙවිම සම්බන්ධයෙන් ආගරපතන වැවිලි සමාගමේ සේවය කරන සියළුම සේවකයින් අනෙකුත් වෘත්තිය සමිති සහයෝගය ඇතිව වැඩ වර්ජනයක් දියත් කර තිබු බවත්, එම වැඩ වර්ජනය (27) දින සිට අවසන් කරන බවත්,වැටුප් ගැටළුව සම්බන්ධයෙන් එම වතු සමාගම පැවති සාකච්ඡා සාර්ථක වු බවත්,වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අනෙකුත් වතු සමාගම් සමග සාකච්ඡා කරන බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ.

 

No comments

Ads Place