Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් පුපුරනවා නෙමෙයිනේ..මීට කලිනුත් වෙලා තියෙනවා..-නාලක ගොඩහේවා

එක ගෑස් ටැංකියක් හරි පුපුරනවා නම්, එම ගෑස් සමාගම්වල වගකීම තමයි ඒවට විසඳුම් සොයාගෙන ඉක්මනට ප‍්‍රශ්නය නිරාකරණය කරන එක. මොකද ප‍්‍රතිශතයක් වශයෙන...

එක ගෑස් ටැංකියක් හරි පුපුරනවා නම්, එම ගෑස් සමාගම්වල වගකීම තමයි ඒවට විසඳුම් සොයාගෙන ඉක්මනට ප‍්‍රශ්නය නිරාකරණය කරන එක. මොකද ප‍්‍රතිශතයක් වශයෙන් අඩුයි, මේක හැමදාම වෙනවා වගේ නිදහසට කාරණා කියන්න බැහැ. ඒ නිසා යම්කිසි තාක්ෂණික හේතුවක් තිබෙනවා නම් ඒ තාක්ෂණික හේතුව ඉක්මනට විසඳන්න ඒ බලධාරීන් කටයුතු කරන්නට ඕනේ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා වතුපිටිවල සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භක අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ‘අපිට පසුගිය දිනවල ගෑස් පිපිරීම් සිද්ධි කිහිපයක් වාර්තා උනා. ඒ ගැන හේතුත් විවිධ අය ප‍්‍රකාශ කළානේ. මේ පාර්ලිමේන්තුවේ පවා ගෑස් පුපුරන්න හේතුව සංයුතිය වෙනස් වීමත් ඒ වගේ කතා කිව්වා. නමුත් විශේෂඥයෝ ඇවිල්ලා කියලා තියෙනවා එහෙම නෙමෙයි කියලා. ඒ කෙසේ වෙතත් මම පුද්ගලිකව හිතනවා එක ගෑස් ටැංකියක් හරි පුපුරනවා නම්, එම ගෑස් සමාගම්වල වගකීම තමයි ඒවට විසඳුම් සොයාගෙන ඉක්මනට ප‍්‍රශ්නය නිරාකරණය කරන එක. මොකද ප‍්‍රතිශතයක් වශයෙන් අඩුයි, මේක හැමදාම එනවා වගේ දේවල් නිදහසට කාරණා කියන්න බැහැ. ඒ නිසා යම්කිසි තාක්ෂණික හේතුවක් තිබෙනවා නම් ඒ තාක්ෂණික හේතුව ඉක්මනට විසඳන්න ඒ බලධාරීන් කටයුතු කරන්නට ඕනේ.

ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් පුපුරනවා වගේ කතා කරන්න හොඳ නැහැ. මේක මීට පෙරත් වෙලා තිබෙනවා. හැබැයි පුපුරන එක අපට පිළිගන්නට බැහැ. එක ගෑස් ටැංකියක්වත් පුපුරනවා නම් ඒකට අපි විසඳුම් සොයන්න ඕනේ. එහෙම වෙන්න බැහැ 100% ක් ඒවා නිවැරදිව කි‍්‍රයාත්මක වන්නට ඕනේ යැයි පැවසීය.

 

No comments

Ads Place