Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති ධූරය අතාරින්න ගම්මන්පිල සූදානම්

ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව...

ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් මෙම සිද්ධිය නොමැති වුවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් අමාත්‍යවරයා කීය.

යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.

තමන් ඇතුළු අමාත්‍යවරු තිදෙනා වැරැද්දක් නොකිරීම හේතුවෙන් ඉල්ලා අස්වුවහොත් වැරැද්දක් කළ බවට පිළිගැනීමක් බවට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා තමන් කළේ හරි දේ යැයි ස්ථාවරය අදටත් දරණ බවත්ය.

ඵිවිතුරු හෙළඋරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ කළ විශේෂ විමසුමකදී අද එසේ පැවසීය.

‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු අධිකරණයේ නඩු පැවරීම වැරදි වැඩක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා (27) පවසා තිබුණි.

 

No comments

Ads Place