Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තරුණයන් තාප්ප වල චිත්‍ර අදිද්දී කොරෝනා තිබ්බේ නැ..-ඇමති නාමල්

ජනාධිපතිවරණයෙන් පසුව තරුණයන් එදා තාප්පවල චිත්‍ර අදිද්දි රට තුල කොරෝනා වසංගතයක් නොතිබූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් අද තත්...

ජනාධිපතිවරණයෙන් පසුව තරුණයන් එදා තාප්පවල චිත්‍ර අදිද්දි රට තුල කොරෝනා වසංගතයක් නොතිබූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අද තත්වය වෙනස් වී ඇති බවත් නිවසින් බැහැරව යන්නට සිදුව ඇත්තේ මාස්ක් එකක් දමාගෙන බවත් පැවසූ ඔහු එසේ හෝ එළියට යාමට හැකියාවක් ඇති වී තිබෙන්නේ එන්නත්කරණය නිසා බවද පැවසීය.

අද වන විට ගෝලීය වශයෙනුත් තරුණ ප්‍රජාව ඉන්නේ අසහනයෙන් බවත් ඔවුනට ද කොරොනා නිසා යම් යම් ප්‍රශ්න ඇති වී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

ගතවූ වසර දෙකක පමණ කාලය ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් වූ බවද පැවසූ ඔහු එළඹෙන වසරේ දී අභියෝග ජයගෙන රට සංවර්ධනය කරා ගෙන යාම අපේක්ෂාව බවත් ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ පැවැති වැඩසටහනක් අමතමින් මාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place