Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව සාගර අධිවේගී මාර්ගයක් සාදා දී ණය කපා හරින්නැයි ඉල්ලයි.

ශ්‍රී ලංකාව සාගර අධිවේගී මාර්ගයක් නිර්මාණය කර එම මාර්ගය ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති රටවලට භාවිතයට ලබා දී ණය ආපසු ගෙවීම නිදහස් කිරීමක් ඉල්ලා සි...

ශ්‍රී ලංකාව සාගර අධිවේගී මාර්ගයක් නිර්මාණය කර එම මාර්ගය ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති රටවලට භාවිතයට ලබා දී ණය ආපසු ගෙවීම නිදහස් කිරීමක් ඉල්ලා සිටීමට යෝජනාවක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම අධිවේගී මාර්ගය හරහා තමන් කිරීමේදී කාලය දිනකින් ඉතිරිවන අතර ගුවන් පියාසර කාලය පැයකින් ඉතිරිවෙයි.

එමගින් අදාල පාර්ශවයන්ට ඉතිරි වන මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය ආපසු ගැනීමෙන් නිදහස් කිරීමක් ඉල්ලා සිටීම මෙම යෝජනාවේ සැලසුමයි.

මෙම සාගර අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා රටවලට ඔවුන්ගේ වාර්ෂික ලාභය ඩොලර් බිලියන 8 කින් වැඩිකර ගැනීමටත් පිරිවැය බිලියන 2 කින් අඩුකර ගැනීමටත් හැකිවන බව ගණන් බලා තිබේ.

මේ සම්බන්ධයෙන් වන සංකල්ප පත්‍රිකාවක් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මේ පිළිබඳව ලෝක බැංකුව ඇතුළු අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට ද නියමිතව තිබේ.

දැනට මෙරට මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 60ක් පමණ වේ

 

No comments

Ads Place