Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රිය වර්ජනයකට සූදානමක්..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි...

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වෙමින් ඇති බවය.

ඒ පිළිබඳ අදහස් දැක්වු සභාපතිවරයා,

"සීසන් එකයි කෑම පැකට් එකයි අරගෙන රාජ්‍ය සේවයට එන සේවකයා දුම්රිය ස්ථානයට එනකොට අද දුම්රිය අවලංගු වෙලා. මේ නිලධාරීන් මොනවා ද කරන්නේ, මේවට ගන්න ක්‍රියාමාර්ග මොනවා ද? කියන එක අපි ගරු ජනාධිපතිතුමාගෙන් දැනගන්න කැමතියි. ඒත් එක්කම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් 90%ක් මේ වෙනකොට ඇනහිටලා තියෙනවා. ලබන වසරේ ජනවාරිවලට දුම්රිය ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුවීම් මණ්ඩලය පවත්වාගෙන යන නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය අපේ අනුමත වෙලා නෑ. ඒවා අනුමත කරන්නේ නෑ. ඒවට ක්‍රියාමාර්ග ගන්නේ නෑ. අපි ඉදිරියේ දී ක්‍රමක් ක්‍රමයෙන් මගීන්ට අපහසු නොවන විදියට වෘත්තීය ක්‍රියාමාර්ගවල සඳුදා සිට නියැලෙනවා. එළැඹෙන නත්තල් නිවාඩු සමයෙන් පසුව මේකට විසඳුම් ලැබෙන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වනවා 26 වෙනිදායින් පසුව සමස්ත ලංකාව පුරාම විසිරී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලන කාර්යාලවල අපේ සාමාජිකයින් සියලුදෙනා එකාවන්ව එළියට බැහැලා මේක අරගලයක් විදියට දියත් කරන්න."

 

No comments

Ads Place