Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල යළි ඉහළට????

ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමට කටයුතු කරන බව තමන් වගකීමෙන් පවසන්නේ යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ස...

ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමට කටයුතු කරන බව තමන් වගකීමෙන් පවසන්නේ යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

ජනවාරි 4 වැනිදා වන විට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවීම මත එම මිළ වැඩි කිරීම තවදුරටත් ඉක්මන් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

දැනට ද මෙරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් පහළොවකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහල බැස තිබියදී බව ද ඒ මහතා පෙන්වා දේ.

තෙල් සංස්ථාව මහජන බැංකුවට ඇති ණය ගෙවීම නොකරන නිසා පිරවුම් හල් හිමියන් ඉන්ධන ඇණවුම් කරන විට මහජන බැංකුවේ තෙල් සංස්ථා ගිණුමට යවන මුදල්වලින් මහජන බැංකුව මුදල් අඩු කර ගන්නා බවද ඔහු පැවසීය.

මෙවර සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ ද මුදල් ණයට අරගෙන බවත් ඉදිරියේ දී පඩි ගෙවීම සිදු කරන්නේද මුදල් ණයට ගෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place