Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔමික්‍රෝන් සමාජගත වීමක්.මෙරට ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් බවට..

මෙතෙක් මෙරටින් හඳුනා ගත් ඔමික්‍රොන් ආසාදිතයන් 07 ක් වුවද ඊට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන...

මෙතෙක් මෙරටින් හඳුනා ගත් ඔමික්‍රොන් ආසාදිතයන් 07 ක් වුවද ඊට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙම ආසාදිතයන් සමාජයට නිරාවරණය වීම බලන විට තවත් සති 03 ක් පමණ ගත වන විට මෙරට ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත් වනු ඇති බවයි.

වාර්තා වන සංඛ්‍යාවට වඩා විශාල ආසාදිත පිරිසක් බිම් මට්ටමේ වාර්තා වන බවත් සංඛ්‍යා ලේඛන සම්පූර්ණ සාවද්‍ය සංඛ්‍යා ලේඛන බව පෙනෙන බවත් පැවසූ ඔහු වාර්තා කරන මරණ ගණන පිලිබදවද බරපතල ගැටළුවක් ඇති බවත් කියා සිටියේය.

ඇතිව තිබෙන ආර්ථික තත්වය මත නැවතත් රට වසා දැමීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ආහාර නැතිව මියයාමට වඩා කොරෝනාවෙන් මියයෑම යහපත් බවට බළධාරීන් තීරණය කර ඇති බවත් පැවසූ ඒ මහතා පවසනවාග එනිසා තම ජීවිත ආරක්ෂා කර ගැනීම ජනතාව සතු වගකීමක් යයිද පැවසීය.

 

No comments

Ads Place