Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් මගේ ප්‍රතිරූපයට ලොකු හානියක් උනා..මහින්දානන්ද

කෙතරම් අභියෝග ආවත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන...

කෙතරම් අභියෝග ආවත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මේ නිසා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදු වුවත් මෙමඟින් රටට සහ ජනතාවට වන යහපත ගැන සිතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොසැලි රාජ්‍ය නායකයා සමඟ සිට ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

තමන් මීට පෙර අමාත්‍යාංශ කිහිපයක අමාත්‍ය ධුර හොබවා ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ හැමටම වඩා මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවද පොහොර, වී වැනි ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ඇති නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

“මේ අමාත්‍යාංශයේ ඉතා දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් ඉන්නවා. නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන පිරිසක් ඉන්නවා. බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින එවැනි පුද්ගලයින් නිසා තමයි මේ අමාත්‍යාංශයට පත්ව ආ දක්ෂ ලේකම්වරුන්ටත් අමාත්‍යාංශය අතහැර යන්න සිද්ධ වුණේ. මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයාත් ඉතා හොඳ දක්ෂයෙක්. ඔහු රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැමැත්තෙන් කටයුතු කළා. ඒක කරන්න ඉඩ නොදී ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ පිට ඉඳන් බලපෑම් කරන උපදේශකවරුන් යැයි කියා ගන්න කණ්ඩායමක්. මේ අදිසි හස්තය ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන.” යැයි ද අමාත්‍යවරයා කීවේය. මේ වසරේ ඉඳලා මේ අමාත්‍යාංශය මෙහෙයවීමේ වගකීම ලේකම්වරයා බාර ගන්න ඕනේ. මම අමාත්‍යවරයා විදියට ප්‍රතිපත්ති සම්පාදනය කර ඒවාට රජයේ අනුමැතිය ලබා දීමට කටයුතු කරනවා. අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවීම ප්‍රගතිය සමාලෝචන කර මාස් පතා ප්‍රගති වාර්තා ලබා දීම ඇතුළු සියලු කටයුතු ලේකම්වරයා විසින් ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

ඉකුත් වසර කාලය තුළ අපි විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවද ඉකුත් යහපාලන සමයේ විනාශකර දමා තිබු ජනවසම ඇතුළු ආයතන හතරක් මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තමන් කිසිඳු නිලධාරීයෙකුට බලපෑම් නොකරන බවද රජයේ රෙගුලාසි සම්බන්ධයෙන් නිලධාරීන් තමන්ට ලබා දෙන උපදෙස් පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය. මුළු රටම කෘෂිකර්ම අමාත්‍යාංශය දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා සැලසුම් සහගතව අමාත්‍යාංශයේ කටයුතු සිද්ධ වෙන්න ඕන. ඉකුත් වසරේ අමාත්‍යාංශයට ලැබුණ රුපියල් මිලියන 75ක මුදලවත් වියදම් කරන්න බැරිව තිබෙනවා. අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා ගන්නත් පෞද්ගලිකව තමන්ට ලොකු වෙහෙසක් දරන්නට සිදු වූ බවද ඉදිරියේදී මේ සියලු අඩුපාඩු මඟහරවා ගෙන නව ලේකම්වරයා සමඟ කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ද ලේකම්වරයා සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු සිදු කර රජය අපේක්ෂිත ආකාරයට යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට පූර්ණ දායකත්වය ලබා දිය යුතු බවද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් මිරිස් ආනයනය 100%ක් 2024වන විට නතර කළ යුතු බවද අල හා ලූණු ආනයනය 35% දක්වා සීමා කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය. තමන් මීට පෙර අමාත්‍ය ධුර හෙබවූ විදුලිබල අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශවල රටේ ආර්ථිකයට වාසිදායක වෙනස්කම් රැසක් ඇති කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද එවැනි වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවද කී අමාත්‍යවරයා කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය, කෘෂිකර්ම දත්ත තොරතුරු පද්ධතිය වැනි වැදගත් කාර්යයන් ඉතා කඩිනමින් නිමකර හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරා මෙහෙයවීමට සියලුදෙනා කැපවිය යුතු බවද අමාත්‍යවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම් .එල් බණ්ඩාරනායක මහතා පෙන්වා දුන්නේ දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් රජය රට තුළ විශාල වශයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව බොහෝ අය අමතක කර ඇති බවය. අත්දැකීම් බහුල කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමඟ වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉකුත් වසරක කාලය තුළ මේ අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන බව රටම දන්නවා. නමුත් සමහර අය නොදන්නවා වාගේ ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ රටේ පළමු පෙළේ අමාත්‍යාංශයක්.මේ අමාත්‍යාංශයේ අපි සියලුදෙනාම කටයුතු කළ යුත්තේ එකට එක අරමුණක් ඇතිවයි. මුළු රටම අපි දිහා බලාන ඉන්නවා. රට ඉල්ලන හොඳ දේ දෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. විශේෂඥයන් මෙන්ම අත්දැකිම් පළපුරුද්ද ඇති අයගේ උපදෙස් අපිට වීශාල ශක්තියක්. ඒ නිසා හැමෝම තම තමන්ට හැකි අයුරින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දායක වීම රජ්‍ය සේවකයන්ගේ වගකීමක්. මෙවර අය වැය මුදල් වෙන් කරලා තියෙන්නේ කාර්තුවෙන් කාර්තුවට ප්‍රගතිය අනුව වියදම් කරන්නයි. අපි මුල් කාර්තුවේ අසාර්ථක වුණොත් ඒ වර්ෂයටම ආයේ මුදල් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මුල සිටම සැලසුම් සහගතව අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම් ලබාගෙන කාර්යක්ෂමව කටයුතු කරන්න අපි හැමෝම කැපවිය යුතු බවද ලේකම්වරයා කීවේය.

 

No comments

Ads Place