Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට මන්දපෝෂණ අවදානමක..

මස් මාළු කිරි බිත්තර එළවළු පළතුරු වැනි පෝෂදායී ආහාර මිලට ගැනීමේ හැකියාව අඩුවීම හේතුවෙන් ඉදිරි කාලයේ දී මෙරට දරුවන් ඇතුළු ජනතාව දැඩි මන්දපෝෂණ...

මස් මාළු කිරි බිත්තර එළවළු පළතුරු වැනි පෝෂදායී ආහාර මිලට ගැනීමේ හැකියාව අඩුවීම හේතුවෙන් ඉදිරි කාලයේ දී මෙරට දරුවන් ඇතුළු ජනතාව දැඩි මන්දපෝෂණ තත්ත්වය හා ඉතා පහසුවෙන් රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇතැයි පෝෂණවේදීන් ඇතුළු වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නම් ප්‍රමාණවත් ආහාර වේල් සමබල ලෙස දමා ගත යුතු බවයි.

නමුත් දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍යි ආහාර මිල හේතුවෙන් බොහෝ දෙනකු සිය ආහාර වේල් ගණන සීමා කිරීමට හෝ ආහාරයට එක්කර ගන්නා ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කර තිබේ.

වසංගතය පැතිර යන කාලයක පෝෂණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ගැටලුකාරී වී ඇතැයි වයඹ විශ්ව විද්‍යාලයේ මානව පෝෂණවේදී මහාචාර්ය රේණුක සිල්වා මහතා සඳහන් කළේය.

ජනතාව සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආහාර ගත යුතු ආකාරය පිළිබඳ පැවසූවද ඒවා අනුගමනය කිරීමේ දී ජාතික වශයෙන් ඉදිරි කාලයේ දී රටේ ජනතාවගේ පෝෂණය සම්බන්ධව ගැටලුකාරී බවක් මතු වෙමින් පවතින බවද ඔහු පැවසීය.

 

No comments

Ads Place