ලංකා විදුලි මණ්ඩයට අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා තමන්ගේම ණයවර ලිපි විවෘත කර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ. මීට පෙර සංස්ථා...
ලංකා විදුලි මණ්ඩයට අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා තමන්ගේම ණයවර ලිපි විවෘත කර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
මීට පෙර සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලියන 90ක මුදලක් මණ්ඩලය විසින් ආපසු නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ තම ආයතනයට ඉන්ධන ආනයනය ට අවසර නැති නිසා ඉන්ධන අවශ්‍යතාවයට තෙල් සංස්ථාව මතම යැපීමට සිදුව ඇති බවයි.
No comments